එක වගේම මල් වැටිච්ච ගවුම් ඇදගෙන, කොණ්ඩේ කොටටම කපලා සමනල්ලු දෙන්නෙක් දෙපැත්තට ගහගෙන, ඇස් දෙක රවුම් කර කර සිනා මුසු මුහුණින් සෑම සෙනසුරාදාවකම ඔවුන් අපි එනකන් මග බලා සිටිනවා. අපි ආ සැනින් දුවගෙන ඇවිත් ලස්සනට වාඩිවෙලා ඉන්නවා පොත් දෙකයි, පැන්සලයි, මකනෙයි මේසෙ උඩට අරගෙන. අපිත් ඉතින් ලෑස්තිවෙලා ඉන්න ඕනි කට්ටියගේ කච කචේ අහන්න. ප්රශ්න කෝටියක්…