පාරමී දම් පුරමි දිනයක වන්න ඈ විතරක් මගේ

සඳේ නුබ වාලුකා අතරින් එබී බලමින් සිතිජයේ……

රිදී සළු පට දොවා පහසින් අසිරි මැවු ඒ

විල්තෙරේ…..

ඇගේ අතැඟිලි අතරෙ තනිවී සිහින දහසක මැදියමේ…..

බැඳේ සිත් අප සොයා පෙම්සුව ජීවිතේ සිහිනෙක මෙසේ…..

පා නුරා නිල් නෙත් මතින් මා මත් කලා සැනෙකින් වගේ….

රෑ පුරා සිහිපත් කලේ ඒ රතට හුරු දෙතොලයි ඇගේ….

ගායනා දෙසවන් පුරා අද රැව් දිදී ඇසෙනා සඳේ….

කී එදා රහසක් මැවී අද දෑස් අභියස දී මගේ….

වෑහෙනා ඒ ප්‍රේමයේ සුව දැනුනිදෝ ඈ හට මගේ…

ඈ නිසා යලි පණ පොවා අලු මතින් පිබිදුණි ජීවිතේ….

සාගරේ බඳු ආදරේ ඈ සමඟ එක්වී යන මගේ….

පාරමී දම් පුරමි දිනයක වන්න ඈ විතරක් මගේ…

                             – A jay

Penned By: Rtr. Imesh Akalanka (Sergeant at Arms 2022-23)

Edited and published by: RACSLIIT Editorial Team 2022-23

Leave a comment