නිල් වන් නුවන් යුගලින් මා වශී කෙරූ
පිවිතුරු හදින් අවිහිංසක සිනහ නැඟූ
මිණි කිංකිණි හඬින් දෙසවන් මවිත කෙරූ
මා සිත මටත් හොරැහින් ඔබ සමඟ රැගූ
පිච්ච කැකුළු මලක් වගේ උදයෙ පිපී
දැක්කම හිමිදිරියෙ මට නම් හරිම ගතී
සුවඳ අවට පැතිරෙයි උඩු සුළඟෙ එතී
මටත් නොදැනි මම මල හට ඇදෙන හැටී
දළුලයි තවත් සිතිවිලි පද වලට සැදී
හැමදා ඔබේ රූපය ඇත සිතෙහි බැඳී
තරුවක් කිව්වා රහසක් මට හොරෙන් රැඳී
ඔබ සිතුවමක් වාගෙලු සීගිරියෙ ඇඳී
හුරතල් බවින් මා හද ඔබ වෙත බැන්ඳූ
මාගේ කතාවේ ඔබගේ නම රැන්ඳූ
තනි හිත් ප්‍රේමයක් ලෙස සිහිකොට කැන්ඳූ
මටත් නොකියාම ඔබ යනවද ළන්ඳූ…
පබැඳුම
Rtr. චරිත් දාබරේ
රොටරැක්ට් සාමාජික 2019/20