පාරමී..

ජුන්නො බැච් දෙක තුනක් දැක දැකත් මග හැරුනු
මොකද්දෝ දෙයක් විය උබ ගාව මට දැනුණු
පොත් අස්සෙ හිරකරපු “රෝමියෝ” ඇහැ ඇරැණු
හන්තාන හුලග දැන් ඇයි මේ තරම් දරැණු

රෙබරෝසි වසන්තෙක පීදිච්ච පෙම් මලට
සරසවියෙ මල් යාය ලගදි තහනම් කුමට
පෝරුවේ පඩි දෙකක් නග්ගන්ට බැරි පවට
උබ නැකැති – මම රදල උනේ පෙර කරුමයට

හිත දුන්නු උබෙ ගතත් සින්න විය ලා බැමී
වරද වෙන වෙනම නොව එකට ගෙන උහුලමී
පිලිසිදුන කිරි හීන කොහොම නවතා ලමී?
“හොදම පිලිතුර” මේක!! තමයි බන් පාරමී…

හැමදාම නැග බැහැපු මේ කන්ද නොම දන්න
කොච්චරක් දේවල්ද උබේ හිත තෙරපෙන්න
මැනික පොඩ්ඩක් දුරින් පනිමු අපි මේ පිම්ම
ආයෙ මට බෑ උබේ ලැම මත්තෙ ඇලවෙන්න

ඉකිය උහුලන් තියපු තව හුගක් කරුනූ ඇත
වලලන්න ඕනි නම් තැලුන මල් රේණූ පත
නමුනුකුල හූල්ලන බැල්ම මග හැරුනූ තැන
ඇති තරම් ගැඹුරු ඇති මහනුවර සානූ ඉම!!!!

මම විමුක්ති…

 

“එක දවසක අපි” චිත්‍රපටිය ඇසුරෙනි.

පබැදුම- Rtr. පුමුදු උදාරා ජයසේකර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s