එක වගේම මල් වැටිච්ච ගවුම් ඇදගෙන, කොණ්ඩේ කොටටම කපලා සමනල්ලු දෙන්නෙක් දෙපැත්තට ගහගෙන, ඇස් දෙක රවුම් කර කර සිනා මුසු මුහුණින් සෑම සෙනසුරාදාවකම ඔවුන් අපි එනකන් මග බලා සිටිනවා. අපි ආ සැනින් දුවගෙන ඇවිත් ලස්සනට වාඩිවෙලා ඉන්නවා පොත් දෙකයි, පැන්සලයි, මකනෙයි මේසෙ උඩට අරගෙන. අපිත් ඉතින් ලෑස්තිවෙලා ඉන්න ඕනි කට්ටියගේ කච කචේ අහන්න. ප්‍රශ්න කෝටියක් අහනවා. අරයා අවේ නැද්ද, ඇයි ආවේ නැත්තේ, ලබන සතියේ එයිද, අද මොනාද කරන්නේ වගේ ප්‍රශ්න අතරේ, අක්කා ඔයාගේ කොණ්ඩෙ දිගායි, අයියා කෝ ඔයාගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න, අර මූනු දාලා ගන්න, මටත් ඕනි බල්ලෙක්ගෙ දිවක්, අර මල් ඔටුන්නක් දාන්න බැරිද?…
ඔවුන් තවමත් ජීවිතය යනු කුමක්ද, එහි වටිනාකම නොදන්නා පුoචි පැටවුන් ය. මව් පියන්ගේ සෙනෙහස ලැබෙන්නේද නැත. ඔවුන්ට සෙනෙහස ආදරය පිළිබඳව කියාදෙන්න සිටින්නේ කවුරුන්ද? එහි සිටින ලොකු අම්මාද එකසේම ඒ දැරියන් විසිපස් දෙනාට කරුණාව දැක්වූවත් එය ප්‍රමාණවත් නැත. පිටින් ගිය අපි, දැන් ඔවුන්ගේම සහෝදර සහෝදරියන් වී අවසානයි. ගණිතය හා ඉoග්‍රීසි විශයන් කියාදෙන අතරමැද, ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද, වෙනත් ප්‍රශ්න ගැටළු නිරාකරණය කිරීමටත් SLIIT රොටරැක්ට් සමාජයේ අපිට හැකිවුනි.
මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයේ සිට අද වන තෙක් විවිධ ප්‍රදේශවල, විවිධ පාසැල් වල හා විවිධ පවුල් පසුබිම් වල වැඩෙන දූ දරුවන්ට ගුරුවරියක් වෙමි. එහෙත්, මට මෙවැනි අත්දැකීමක් නුහුරුයි. පාඩම අතරෙදි මම ඔවුන්ගෙන් ගෙදර විස්තර හෝ දෙමාපියන්ගේ විස්තර වැනි දෑ අසාවිදෝ යැයි මම බිය වුනෙමි. ඔවුන් සමග කතා බහ කරන විට මා බොහෝ සේ ප්‍රවේශම් වුනේ ඒ සියුම් හිත් කිසිම විටක නොරිද්දමි යන සිතුවිල්ල මගේ සිතට විටින් විට පැන නැගුණු හෙයිනි. සෑම දවසකම ඔවුන්ව මට මුන ගැසීමට නොහැකි වූවත් ඔවුන් හට මා තුළ ඇතිවුන ආදරය, කරුණාව හා සුහදත්වය ඉමහත්ය.
පාඩම අතරමැද සෙල්ලම් කිරීමටද, ගී ගැයීමටද, මේ ලෝකයේ නැති ප්‍රශ්න අසන්නට ඔවුන් පුරුදු වී සිටියෝය. එසේ වූවත්, මා කිසිවිටක ඔවුන්ට බැන වැදී නැත. එයට හේතුව ඉතාම සරළයි. ඔවුන් සතියේ ඉතිරි දවස් හයම එකම රටාවකට ගෙවීමට පුරුදු වී ඇති අයයි. අපි සමග ගෙවෙන එක දවසේ ඔවුන්ට අවශ්‍ය නිදහසයි. ඒ නිදහස ඔවුන්ට ඉතා වටිනාකමකින් යුක්ත වේ.
ව්‍යාපෘතිය ආරම්යේ සිට මෙතෙක් දින දර්ෂනයේ දැක්වී ඇති සියළුම උත්සව ඔවුන් සමග සැමරීමට සoවිධායක මඩුල්ල සූදානම් කර තිබුණි. ලෝක ළමා දිනය, නත්තල, දීපවාලි, නිදහස් දිනය වැනි හැම උත්සවයක්ම ඔවුන්ට ලබාදුන්නේ ප්‍රීතියයි.
ලෝක ළමා දිනය කරණ කොට ගෙන ඔවුන් සමග අපි එක් දිනක් ගත කළෙමු. එදින, ලෝක ළමා දිනය යන මාතෘකාව යටතේ තම කුසලතාවයන් යොදා පෝස්ටර් නිර්මාණය කිරීමට, ප්‍රශ්න විචාරාත්මක තරගයක් ද ප්‍රෙහේලිකා විසදීමට ද ඔවුන්ට අපි ලබා දුන් අභියෝග වේ. අවසානයේදී, එක සේ දක්ශතා දැක්වූ විසිපස් දෙනාටම තෑගි බෝග ලබා දුන්නෙමු. නත්තල සැමරීම සදහා කැරෝල් ගී සැදෑවක් සoවිධානය කර තිබුනි. ඒ සදහා, කැරෝල් ගීත ඒ පුoචි සිගිත්තියන්ට ඉගැන්වීමට, දින ගනන් අප රොටරැක්ට් සාමාජයේ සාමාජික සාමාජිකාවන් බොහෝ සෙයින් වෙහෙස වූහ. නත්තල් සීයා කෙනෙක් ලෙස වෙස් වලාගත් සමාජිකයෙක් ඔවුන්ට තෑගි බෝග දී නත්තලේ සැබෑ අරුතද කියා දුන්හ. විශේෂයෙන්ම සදහන් කර යුතු වන්නේ, නත්තලට මේ දරුවන්ගේ සිත් පිනවීම සදහා අප රොටරැක්ට් සමාජයට ආධාර රැසක් අප රටේ වෙසෙන උණුසුම් හදවත් ඇති ජනතාවගෙන් ලැබුණි.
තවද, තායි පොංගල් උත්සවය සදහා කෝලම් නිර්මාණය කරන්නටද අප සමාජයේ සමාජික සමාජිකාවන්ට හැකි වුනි. නිදහස් දිනයද එලෙසින් වර්ණවත් කර අප රටට ලැබූ නිදහස පිළිබඳව විශේෂ විස්තර ඔවුන් සමග බෙදාගැනීමට අප සමත් වුනි.
ඒ පුoචි මල් කැකුළු දැනුමෙන් වගේම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙනුත් පරිපූර්ණ කිරීම සදහා සoවිධායක කමිටුව විසින් වෛද්‍ය සායනයක් පැවැත්වූහ. ඒ දැරියන් පහලොස් දෙනා එකින් එක පරික්ෂා කිරීමට ළමා වෛද්‍යවරියක්ද අප සමග සහභාගි වුනාය. ඔවුන්ට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග ලබා දීමටද සoවිධායක කමිටුව සමත් වුනි. එම දැරියන්ගේ මානසික සුවය වැඩිදියුණු කිරීම සදහාත් මනෝවෛද්‍ය විශේෂඥවරියකට අපි ආරාධනා කළෙමු.
මෙතෙක් දුර මාගේ කතාව කියවගෙන ආ ඔබට එක ප්‍රශ්නයක් සැමවිටම පැන නැගෙන්නට ඇතැයි කියා මා සිතමි. එනම්, මේ දිවයිනටම ඇත්තේ මෙලෙස අසරණ වූ ඒ සිගිත්තියන් පහලොස් දෙනා පමණද? ඇයි මේ SLIIT රොටරැක්ට් සාමාජය මොවුන්ට පමණක් මෙලෙස සේවය කරන්නේ? ඔබගේ මෙම ප්‍රශ්නයට මම අවoකව පිළිතුරු දෙන්නම්. SLIIT රොටරැක්ට් සාමාජයේ සේවය කරන්නේ එම ආයතනයෙහි තම උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. සියළුම ළමා නිවාස සදහා මෙවැනි සේවයක් කිරීමට අපිට අපහසුයි. එබැවින්, අපිට හැකි පමණින් යම්කිසි දෙයක් කිරීම අපේ පරමාර්ථය වුනි. එහෙත්, මෙවැනි ස්ථාන කිහිපයක් තෝරාගෙන ඔවුන්ට උපකාර කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු. කෙසේවෙතත්, සෑම සෙනසුරාදාවකම කෙරෙන මෙම සේවයේ වටිනාකම කියා නිමකළ නොහැක. මෙවැනි නිවාස වල සිටින දරුවන් මේ ලෝකයේ තනි වී නැති බවත් ඔවුන්ගේ දැනුම හා දක්ෂතාවයන් උපමට්ටම් කර ගැනීම සදහා උර දීමට ලබා දුන් මහගු අවස්ථාවක් ලෙස Light up their world 2.0 ව්‍යාපෘතිය සැළකිය හැකියි.
මෙම ව්‍යාපෘතියේ සoවිධායක කමිටුවට හා මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාම සදහා අත්වැලක් වුන සියළුම දෙනාට මාගේ හදපිරි ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඉතාමත් සoවේදී හා විනෝදාත්මක අත්දැකීමකි එය. ඔබත් හැකිනම් දායක වන්න, ඒ පුංචි සිගිත්තියන්ට ශක්තියක් වන්න.
අත්දැකීම් බෙදාගැනීම
Rtr. අංජලී ගුණසේකර
Assistant Secretary 2019/20