You are Your Skills

“Giving your son a skill is better than giving him one thousand pieces of gold

Chinese Proverb

Have you ever heard that saying?  it conveys the importance of mastering skills, in one’s lifetime. A skill is the ability to use knowledge capably and readily in achievement or performance. Life skills could be a soft skill or a hard skill. Soft skill is which encompasses your interpersonal qualities or attributes. It is also known as “people skills”.  Hard skills are teachable and presentable abilities. We meet challenges every day. no matter where maybe in the workplace or home. Skills made us be able to cope with them. I believe that Life’s betterment always depended on skills, not on the number of educational qualifications. Let’s make our lives rich with skills, not our resumes. 

Let’s cook!

A picture containing person, indoor, preparing

Description automatically generated

Does anyone refuse to eat? so, what about cooking? Cooking is one of the best life skills for everyone to master. It is NOT a gender-based role. Cooking is a passion. It survives you while adding value to you. You may not be a big fan of the kitchen at once. It’s almost okay.   As Julia Child says, “No one is born a great cook, one learns by doing.” Let‘s enjoy cooking!

Effective communication is the lifeline.

Simply, communication is all about expressing your needs and desires during understanding and relating them to others. it is the foundation of all human relationships. It may be written, verbal, non-verbal, or visual. No matter the type of communication, the important point is the effectiveness. A good communicator is always a good listener.  Don’t ever listen to reply, listen to understand! Master good communication skills now, they’ll serve you for a long time!

 Coping with emotions

Ever lost or destroyed opportunities because of temporary emotions?  As human beings we are coping with thousands of emotions on daily basis, like anger, disappointment, fear, etc. emotions are temporary states of mind.  sometimes emotions may distract you from doing what needs to be done. Practice controlling your emotions, don’t ever let your emotions control you!  

Time management is life management

Do you know? time is not the main thing; it is the only thing. Time is a precious gift that everyone receives. Unfortunately, only very few make prime use of it. Organizing, planning, setting goals, prioritizing wisely; are some tips for time management. Always remember “time is life”. So, why wait? Build up this valuable skill.

Computer literacy 

it’s all about the comfort level you’re having with computers and their applications. That is significantly important to establish your presence in the modern world.  So, it should be a piece of cake for you. Nowadays, it’s not just a point to your job resume anymore. It has become an essential life skill because we are dealing with technology at every life moment. Gaining & improving computer literacy skills is a lifesaver. Go for it!! 

Be a leader, not a Boss.  

Leadership is not about a title or a designation, it is all about true inspiration and influence. The significance of leadership has been showcased by introducing it as one of the twelve 21st Century skills.

Leadership is like a full package of positive traits, grab it !! the world needs more leaders… 

Creativity is contagious 

Can you remember the last time you came up with an idea that is truly new & innovative as a solution to a problem? no matter the situation, creative thinking becomes vital in a lifetime. Also, do you believe that can be improved by proper training? Of course, yes!

ඔබේ දරුවාට රන් කැබලි දහසක් ලබා දීමට වඩා එක් කුසලතාවක් ලබා දීම අගනේය”

චීන හිතෝපදේශයකි

ඉහත දැක්වෙන කියමන  ඔබ කවදා හෝ අසා තිබුණා ද? එය කෙනෙකු සිය ජීවිත කාලය තුළ කුසලතාවන් ප්‍රගුණ කිරීමේ වැදගත්කම විදහා දක්වයි. කුසලතාවක් යනු කාර්ය සාධනය සඳහා දැනුම පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාවයි. ජීවන කුසලතා, මෘදු කුසලතාවයක් හෝ දැඩි කුසලතාවක් විය හැකිය. මෘදු කුසලතාවලට ඔබේ අන්තර් පුද්ගල ගුණාංග හෝ ලක්‍ෂණ ඇතුළත් වේ. එය “මිනිස් කුසලතා” ලෙස ද හැඳින්වේ.  දැඩි කුසලතා යනු ඉගැන්විය හැකි සහ ඉදිරිපත් කළ හැකි හැකියාවන් ය.

අපි හැමදාමත් අභියෝග වලට මුහුණ  දෙමින් සිටින්නෙමු.  ඒ රැකියා ස්ථානයේ හෝ නිවසේ දී විය හැකිය. කුසලතාවන් නිසා අපට ඒවාට සාර්ථකව මුහුණ දීමට හැකි වේ.

මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ ජීවිතයේ දියුණුව සැමවිටම රඳා පවතින්නේ කුසලතා මත විනා අධ්‍යාපන සුදුසුකම් ගණන මත නොවන බවයි. අපි අපේ ජීවිත, අපේ කුසලතා වලින් පොහොසත් කරගනිමු !

ආහාර පිසිමු.

 කිසිවෙකුත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයිද? ඉතින්, ආහාර පිසීම ගැන කුමක් කිව හැකිද? ආහාර පිසීම සෑම කෙනෙකුම ප්‍රගුණ කළ යුතු  වටිනාම ජීවන කුසලතාවකි. එය කිසිසේත් ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ කාර්යභාරයක් නොවේ. ආහාර පිසීම යනු කලාවකි. එය ඔබේ ජීවිතය රැක දෙන කුසලතාවයක් වන අතරම ඔබට වටිනාකමක් එක් කරයි. ඔබ ආරම්භයේ දී ම හොඳ කෝකියෙකු නොවීමට ඉඩ ඇත. Julia child පවසන පරිදි, ” කිසිවෙකුත් උපතින්ම හොඳ කෝකියෙකු නොවේ. නමුත් එහි නිරත වීම තුළින් ම උගනී .” අපි ආහාර පිසීම විනෝදයක් කර ගනිමු  !!

ඵලදායිව සන්නිවේදනය කරමු.  

සරලව ම, සන්නිවේදනය යනු ඔබේ අවශ්‍යතාවන් සහ ආශාවන් අන් අයට ප්‍රකාශ කරන අතරම අන් අයගේ අවශ්‍යතා සහ ආශාවන් අවබෝධ කර ගැනීමයි. “සන්නිවේදනය”  සියලුම මානව සම්බන්ධතා වල පදනම වේ. එය ලිඛිත, වාචික, වාචික නොවන හෝ දෘශ්‍යමය විය හැකිය. කුමන ආකාරයේ සන්නිවේදනයක් වුවත් වැදගත් කරුණ නම් “ඵලදායි”  වීමයි. හොඳ සන්නිවේදකයෙක් සෑම විටම හොඳ සවන්දෙන්නෙකි. සෑම විටම පිළිතුරු දීමට  නොව තේරුම් ගැනීම් සඳහා සවන් දෙන්න! හොඳ සන්නිවේදන කුසලතා හැමවිටම ප්‍රගුණ කරන්න, එය ඔබට ජීවිත කාලය පුරාවටම වැදගත් වේ !

හැඟීම් සමඟ සාර්ථකව ගනුදෙනු කරමු 

තාවකාලික හැඟීමක් නිසා කවදා හෝ අවස්ථාවක් අහිමි වූවාද? මිනිසුන් වශයෙන් අපි දිනපතා කෝපය, බලාපොරොත්තු සුන්වීම, බිය වැනි වූ  හැඟීම් දහස් ගණනකට මුහුණ දෙමින් සිටිමු, ඒවා ඉතාමත් තාවකාලික මානසික තත්වයන්ය. සමහර විට එම මානසික තත්වයන් නිසා අප කළ යුතුම දේවල්, අවස්ථා අපට මගහැරේ . ඔබ, ඔබේ හැඟීම් පාලනය කරගන්නවා විනා හැඟීම් වලට ඔබව පාලනය කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන්න  !

කාල කළමනාකරණය යනුජීවිත කළමනාකරණයයි  

ඔබ දන්නවාද? “කාලය” අපට ඇති ප්‍රධානම දේ නොවේ, එය අපට ඇති එකම දෙයයි. කාලය යනු සෑම කෙනෙකුටම ලැබෙන වටිනා ත්‍යාගයකි. අවාසනාවකට මෙන් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ ඉතා සුළු පිරිසක් පමණි. සංවිධානය කිරීම, සැලසුම් කිරීම, ඉලක්ක තැබීම, ඥානාන්විතව ප්‍රමුඛතාවය දීම; කාලය කළමනාකරණය සඳහා වන උපදෙස්  කිහිපයකි.   “කාලය යනු ජීවිතයයි”. ඉතින්, නොපමාව මෙම කුසලතාවය ඔබ තුළ වර්ධනය කර ගන්න! 

ඔබ ඔබේ පරිගණක සාක්ෂරතාව ගැන  සැලකිලිමත්ද?

ඔබේ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව ඔබ කෙතරම් දුරට සෑහීමකට පත්වනවා ද?    . නූතන ලෝකය තුළ ඔබේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා එය ඉතා වැදගත් වේ. වර්තමානයේදී,   එය තවදුරටත්  ඔබේ  රැකියා ඉල්ලුම් පත්‍රයේ සටහන්  කරනා තවත් එක්  සුදුසුකමක් නොවේ. අප ජීවිතයේ සෑම මොහොතකම තාක්‍ෂණය සමඟ කටයුතු කරන බැවින් එය අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් බවට පත් වී ඇත. පරිගණක සාක්ෂරතාව   වැඩිදියුණු කරගැනීම, අගනාම ජීවිත රක්‍ෂණයකි !

ප්‍රධානියෙකු නොව නායකයෙකු වන්න

නායකත්වය යනු හුදෙක්ම තනතුරක් නොවේ, එය තුළ  මහත් ආශ්වාදයක් හා අනුබලයක් ඇත. 21 වන සියවසේ කුසලතා දොළොසෙන් එකක් ලෙස, නායකත්වය හඳුන්වා දීමෙන්   එහි වැදගත්කම විදහා දක්වා ඇත. නායකත්වය, ධනාත්මක ගති ලක්ෂණ සහිත සම්පූර්ණ පැකේජයක් වැනිය, එය තමා සතු කරගන්න !! ලෝකයට තව තවත් නායකයින් අවශ්‍යයි …

ඔබේ නිර්මාණශීලිත්වයේ බැමි  මුදාහරින්න.

ඔබ විසින් ගැටලුවකට පිළියමක් වශයෙන්, සැබැවින්ම වෙනස්  හා නව්‍ය අදහසක් ඉදිරිපත් කළ අවසන් අවස්ථාව ඔබට මතකද? අවස්ථාව කුමක් වුවත්, නිර්මාණාත්මක චින්තනය ජීවිත කාලය තුළ අත්‍යවශ්‍ය වේ. එසේම, නිසි පුහුණුව තුළින් එය වැඩිදියුණු කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද? ඇත්තෙන්ම, ඔව්! එය කළ හැකියි.

Penned By: Rtr. Harini Chamathka Wellala (Editorial Member 2021-22)

Edited, and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s