Heal Yourself

Just like there’s always time for pain, there’s always time for healing

Jennifer Brown

From period to period in our lives we all struggle with mental, physical, social challenges. Sometimes life brings us the best, sometimes it brings us the worst according to our past decisions, living background, lifestyles, interactions with the people and the things, and karma too. Whatever happened, whatever is happening, whatever is to happen, we cannot run away from the “today”. We have to face it in our best in order to make our tomorrow a better one than our today or yesterday. For this, we must need power from the inside to overcome our pain, loss, or failures during our past. Therefore, we need to heal our souls. 

According to Wikipedia’s definition, Self-healing refers to the process of recovery, motivated by and directed by the patient, guided often only by instinct. Such a process encounters mixed fortunes due to its amateur nature, although self-motivation is a major asset. In my point of view, giving forgiveness to yourself as well as to others who interacted with you in your past is one of the most important good mental situations to settle our soul. It will make us accept the past where our life was damaged by own ourselves and others, understand our mistakes, and lead to moving on. Also healing yourself creates a ripple effect across the universe, allowing you to help others heal, creating a changed and healed world. The same goes for you.

Self-healing isn’t as complex as you think. Channelling your body’s energy is simple and fast. Your day should proceed in a unique direction to ensure you embrace ease, breeze, and even “magic” into your life. A strong intention can change your life physically, mentally, emotionally, and spiritually. You can give yourself the emotional rest you need. We do more things to other people interact with us that we are worth and prove to yourselves that we matter. But you don’t need to do that. You should begin to realize you have nothing to prove. You can work on being nicer to yourself. When you make some loss, pain or failures or things that help to happen, you should understand and learn from the situation and move on. You should start to realize that everything has happened to a person. Life doesn’t bring us happiness always. We have to accept that and try to be middle minded always. We don’t want to take the wins to our head or the defeats to our hearts. Simple expectations also make our lives so easy. 

In the process of healing, mental healing is the most important one. You can do some slow ageing with mediations, breathing exercises, sleeping better, being optimistic and boosting your immunity and avoiding relationships with people who brings you a bad impact and free dispersion improvement of that. Not only that but also physical fitness is essential too. You can do some workouts, play a game and take a healthy diet. Also, it helps you to get a healthy mind. Socially also our soul is damaged. We can avoid the relationships or the interactions with the people who have no worth of ourselves. Inexperience also I can say that fewer expectations or zero expectations from the people who connect with us make our stress or disappointment so less. We can do our best for ourselves as well as for others and move on with life. As my belief, we should try to create “Happy and worthy Today” and live on that. 

In conclusion, I want to say that take your responsibility to heal yourself, because no one else can do it. Do the things you love. Love the things u did. Be happy about who you are.

‘’Heal yourself first. The rest will come later.’’

රිදවීම් වලට  අවස්ථාවක් ඇත්තේ යම් සේද, රිදුම් සුවපත් වීමට ද යම් අවස්ථාවක් ඇත්තේ ය

Jennifer Brown

ජීවන ගමනේ යම් අවධීන් පසු කරත් ම අප මානසික, කායික මෙන්ම සමාජයීය අරගලවලට නිතැතින්ම මුහුණ පාන්නෙමු. අප විසින් යම් සිදුවීම් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ, සමාජ හා ජීවන වටපිටාව, මිනිසුන් සමග අප විසින් පවත්වාගෙන යනු ලබන අන්තර් සබඳතා මෙන්ම කර්මානුරූප වශයෙන් ද අප සියළු දෙනාම දුක-සතුට අතර දෝලනය වෙමින් සිටින්නෙමු. කෙසේ නමුත් සිදුවූ දේ, සිදුවෙමින් පවතින දේ හෝ සිදුවීමට නියමිත දේ කුමක් වුවත් අපට කිසිසේත්ම “අද” මගහැරිය නොහැකිය. වෙනත් ලෙසකින් කියතොත් ඊයේ සහ අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් අප “අද” ට මුහුණ දිය යුත්තෙමු. ඉදින් එවන් අතීතයක සිදුවූ අසාර්ථක වීම්, අහිමිවීම් හෝ රිදවීම් තුළින් යහපත් අනාගතයක් උදෙසා නැඟී සිටින්නට ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ඇතුළාන්තයෙන් ම ඔබ වෙනුවෙන් නැගෙන ශක්තිය යි. සැබවින්ම,  අප අපගේ ආත්මයන් සුවපත් කරලීම පිළිබඳව සිතිය යුත්තේ එනිසා බව මගේ විශ්වාසයයි.

විකිපීඩියා හි නිර්වචනයට අනුව, “ස්වයං සුව සහනය” යනු තම සහජ බුද්ධිය/ස්වයං අභිප්‍රේරණය විසින් මෙහෙයවනු ලැබීමෙන්ම තමා තමාව ම ප්‍රකෘතිමත් කර ගැනීමේ ක්‍රියාවලියයි. මෙම ස්වයං අභිප්‍රේරණය සෑම මනුෂ්‍යයෙකු තුළම තිබෙන්නක් වුවත්, බොහෝ දෙනා තුළ එය හඳුනා නොගත් ආධුනික සංකල්පයක් ලෙසින් පැවතීම නිසාවෙන් එහි නියම ඵල නෙළාගැනීම අඩු මට්ටමක පවතිනු පෙනේ. කෙසේවෙතත් අතීතයේ සිදුවූ වැරදි අතපසුවීම් වෙනුවෙන් ඔබ, ඔබටමත් ඔබේ හිතවතුන්ටත් සමාව දීමට පෙළඹීම ම තම ආත්මය සුවපත් කරගැනීමේ සාධනීය පියවරක් බව මාගේ අදහසයි. ඒ තුළින් ඔබට, අතීතයේ සිදුවූ වැරදි අඩුපාඩුකම් වලට හේතු හඳුනා ගත හැකිවාක් මෙන්ම, එවන් අවස්ථාවලින් ලද පන්නරයෙන් වඩාත් සාර්ථක  ඉදිරි ගමනකට මුලපිරිය හැකිවනු ඇත.

ඔබ සුවපත් වීමෙන් ඉක්බිතිව එය සමස්ත විශ්වය වෙනුවෙන් ම පෙරළිකාර බලපෑමක් ඇති කරනු ලබන අතර, සුවදායී වෙනස්වීම් තුළින් සුවපත් වූ ලෝකයක් නිර්මාණය කිරීම ට ඔබට ඉඩ සැලසෙයි. අවසානයේ, එහි ප්‍රතිගමනය ඔබටත් එවන් සුවපත් ආත්මයක් තිළිණ කරනු ඇත. 

මෙම සංකල්පය ඔබ සිතන තරම් ම සංකීර්ණ වූවක් නොවේ. ඔබ සතු ශක්තිය ඵලදායීව මෙහෙයවීම සරල පහසු කටයුත්තක් වනවා සේම, එමඟින් සුවදායී, සැහැල්ලු හැඟුම් ඔස්සේ අද්විතීය දින චරියාවක් වෙත ඔබව රැගෙන යනු ඇත. එනම් එවන් ශක්තිමත් සිතුවිල්ලක් ඔබගේ ජීවිතයට කායික, මානසික මෙන්ම ආධ්‍යාත්මික ව පැහැබර වෙනසක් එක් කරනවා සේම ඔබේ විඩාබර මනසට අවශ්‍ය සංවේදීතම විවේකයද නොඅඩුව ඔබට ලබාදෙයි. 

අප මෙසේ සිතමු. අපගේ වටිනාකම, වැදගත්කම අපටත් අන්‍යන්ටත් ඔප්පු කර පෙන්වීම සඳහා අප බොහෝ උත්සාහ කරන්නෙමු. බොහෝසෙයින් අපව වෙහෙස කරවන්නෙමු. නමුත් සැබැවින්ම අප වටින්නේ යැ’යි තවකෙකුට පෙන්වීමට  අප එසේ කළයුතුද? නැත, කිසිසේත්ම නැත. පළමුවෙන්ම අපට ඔප්පු කර පෙන්වීමට කිසිවක් නොමැති වග අප වටහා ගත යුත්තෙමු. එසේනම් අප කළයුත්තේ කුමක් ද? 

අප වෙහෙස විය යුත්තේ අපව ම වඩාත් හොඳ අයෙකු බවට පත් කරලීමට යි. මෙම අරමුණ තේරුම් ගත් විට අපට යම් අලාභයක්, වේදනාවක් හෝ අසාර්ථක වීමක් සිදුවූයේ ද එය අත්දැකීමක් බවට පත්කොටගෙන එතැන් සිට ඉදිරියට පිය නැඟිය හැකි වන්නේ ය. 

මීළඟට අප විසින් වටහා ගත යුත්තේ සෑම සියළු දෙයක්ම පාහේ සිදුවන්නේ මිනිසුන්ට බවයි. ජීවිතය ඔබ අප සැමට සැමවිටම සතුට ගෙන එන්නක් නොවේ. වඩාත් වැදගත් වන්නේ එම සත්‍ය වටහා ගැනීමත්, මැදහත් සිතුවිලි සහිතව ජීවත් වීමට උත්සාහ කිරීමත් ය. සරලවම අප ජයග්‍රහණයක් හමුවේ ඔළුව උදුම්මවා ගැනීම මෙන්ම පරාජයක් හමුවේ සිත් බිඳ ගැනීම යන අන්තගාමීත්වයන්ගෙන් මිදිය යුතුය. සරල අපේක්ෂා තුළින් ජීවිතය ද සරල සුවපහසු වන බව වටහා ගත යුතුය. 

අප මෙතෙක් වේලා කතාබහ කළ ආත්මීය සුවපහසුවේ වඩාත්ම වැදගත් අංගය වන්නේ මානසික සුව සහනයයි. ඒ උදෙසා ඔබට කළ හැකි දේ බොහෝයි. මනස සුවපත් කරන භාවනාවන්, ශ්වසන අභ්‍යාස, සුවපහසු නින්ද , සුභවාදී සිතුවිලි සහ ඔබගේ සාමකාමී දිවිපෙවෙත වෙත ආවේගශීලීව පිවිසෙන මිනිසුන් සීමා කිරීමද ඒ අතර ප්‍රධාන වේ. 

ඒත් සමඟම ශාරීරික යෝග්‍යතාවයද මෙහිලා ඉතා වැදගත් කරුණක් ලෙසින් සාකච්ඡාවට බඳුන් විය යුතුය. ඒ උදෙසා ඔබට, ඔබ ප්‍රිය කරන ක්‍රීඩාවක නියැළීමට, ව්‍යායාම් චර්‍යාවකට අනුගතවීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීමට ද අප යෝජනා කරන්නෙමු. 

සාමාජීය වශයෙන් ද ඔබගේ සුවබර දිවියට අභියෝග ඇතිවිය හැකිය. එය මගහැරීම වෙනුවෙන් අප, අප කෙරෙහි වටිනාකමක් නොදකින පුද්ගලයින් සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් වැළකීම ඵලදායී විසඳුමක් වනු ඇත. අප ආශ්‍රිතයන් තුළින් බලාපොරොත්තු වන දෑ අඩුවත් ම අපට දැනෙන ආතතිය හෝ බලාපොරොත්තු සුන්වීමද ඒ හා සමව අඩුවී යන බව මා අත්දැකීම් තුළින්ම ඔබට පවසනු කැමත්තෙමි. එනම් ඔබ, ජීවිතයේ ඉදිරියට යා යුත්තේ ඔබටත් අන්‍යන්ටත් යහපතක් ම පමණක් කරන, පෙරළා කිසිඳු ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවන සැහැල්ලු ප්‍රීතිමත් අයෙකු ලෙසින් වීම ස්වයං සුව සහනයේ සරලතම නිර්වචනයයි. සරලවම ඔබ “වටිනාකම් සපිරි ප්‍රීතිමත් අද දවසක්” නිර්මාණය කරගෙන එහි ඵලදායීව ජීවත් විය යුතු බව මා උදක්ම විශ්වාස කරන්නෙමි.

අවසාන වශයෙන් මා ඔබට කිව යුතු යමක් ඇත. ඔබ සුවපත් කිරීමේ නියමුවා ඔබයි. ඒ වගකීම සම්පූර්ණයෙන්ම ඔබේ ම යි. මන්ද එය, ඔබ වෙනුවෙන් කිසිවෙකුත් නොකරන නිසාවෙනි. ඔබ, ඔබ ආදරය කරන දේ කරන්න..! ඔබ කළ දේට ආදරය කරන්න…!! ඔබ කවුරුන්දැයි යන්න පිළිබඳ ඔබ, ඔබ වෙනුවෙන් ප්‍රීතිමත්  වන්න!

வலிக்கு எப்போதும் நேரம் இருப்பதைப் போலவே, குணமடையஎப்போதும் நேரம் இருக்கிறது

Jennifer Brown

நம் வாழ்வில் ஒவ்வொரு காலகட்டத்திலும் நாம் அனைவரும் மன, உடல், சமூக சவால்களுடன் போராடுகிறோம். சில சமயங்களில் வாழ்க்கை நமக்குச் சிறந்ததைத் தருகிறது, சில சமயங்களில் நமது கடந்தகால முடிவுகள், வாழ்க்கைப் பின்னணி, வாழ்க்கை முறை, மனிதர்களுடனான தொடர்புகள் மற்றும் கர்மாவின் படி மோசமானதைக் கொண்டுவருகிறது. எது நடந்ததோ, எது நடக்கிறதோ, எது நடக்கப் போகிறதோ, எதுவாக இருந்தாலும் “இன்றிலிருந்து” நாம் ஓட முடியாது. இன்று அல்லது நேற்றை விட நமது நாளை சிறந்ததாக மாற்ற நாம் அதை சிறந்த முறையில் எதிர்கொள்ள வேண்டும். இதற்கு, நமது கடந்த காலத்தில் நமது வலி, இழப்பு அல்லது தோல்விகளை சமாளிக்க உள்ளிருந்து சக்தி தேவை. எனவே, நாம் நம் ஆன்மாவை குணப்படுத்த வேண்டும்.

விக்கிபீடியாவின் வரையறையின்படி, சுய-குணப்படுத்துதல் என்பது நோயாளியால் உந்துதல் மற்றும் இயக்கப்பட்ட, பெரும்பாலும் உள்ளுணர்வால் மட்டுமே வழிநடத்தப்படும் மீட்பு செயல்முறையைக் குறிக்கிறது. சுய-உந்துதல் ஒரு பெரிய சொத்தாக இருந்தாலும், அத்தகைய செயல்முறை அதன் அமெச்சூர் இயல்பு காரணமாக கலவையான அதிர்ஷ்டத்தை சந்திக்கிறது. எனது பார்வையில், உங்களுக்கும் உங்கள் கடந்த காலத்தில் உங்களுடன் தொடர்பு கொண்ட மற்றவர்களுக்கும் மன்னிப்பு வழங்குவது நமது ஆன்மாவைத் தீர்த்து வைப்பதற்கான மிக முக்கியமான நல்ல மனநிலைகளில் ஒன்றாகும். நம்முடைய சுயமும் மற்றவர்களும் நம் வாழ்க்கையை சேதப்படுத்திய கடந்த காலத்தை ஏற்றுக்கொண்டு, நம் தவறுகளைப் புரிந்துகொண்டு, முன்னேற நம்மை வழிநடத்தும். உங்களை நீங்களே குணப்படுத்துவது பிரபஞ்சம் முழுவதும் ஒரு சிற்றலை விளைவை உருவாக்குகிறது, மற்றவர்களுக்கு குணமடைய உதவுகிறது, மாற்றப்பட்ட மற்றும் குணப்படுத்தப்பட்ட உலகத்தை உருவாக்குகிறது. உங்களுக்கும் அப்படித்தான்.

சுய சிகிச்சை என்பது நீங்கள் நினைப்பது போல் சிக்கலானது அல்ல. உங்கள் உடலின் ஆற்றலை அனுப்புவது எளிமையானது மற்றும் விரைவானது. உங்கள் வாழ்க்கையில் எளிதாகவும், தென்றலாகவும், “மேஜிக்” கூட இருப்பதை உறுதிசெய்ய, உங்கள் நாள் ஒரு தனித்துவமான திசையில் தொடர வேண்டும். ஒரு வலுவான எண்ணம் உங்கள் வாழ்க்கையை உடல் ரீதியாகவும், மன ரீதியாகவும், உணர்ச்சி ரீதியாகவும், ஆன்மீக ரீதியாகவும் மாற்றும். உங்களுக்கு தேவையான உணர்ச்சிவசமான ஓய்வை நீங்களே கொடுக்கலாம். நாங்கள் மதிப்புமிக்கவர்கள் என்று மற்றவர்களுடன் தொடர்புகொள்வதற்காக நாங்கள் அதிகமான விஷயங்களைச் செய்கிறோம், மேலும் நாங்கள் முக்கியம் என்பதை நீங்களே நிரூபிப்போம். ஆனால் நீங்கள் அதை செய்ய தேவையில்லை. உங்களிடம் நிரூபிக்க எதுவும் இல்லை என்பதை நீங்கள் உணர ஆரம்பிக்க வேண்டும். உங்களுடன் இனிமையாக இருக்க நீங்கள் வேலை செய்யலாம். நீங்கள் சில இழப்புகள், வலிகள் அல்லது தோல்விகள் அல்லது நடக்க உதவும் விஷயங்களைச் செய்யும்போது, ​​நீங்கள் நிலைமையைப் புரிந்துகொண்டு கற்றுக்கொண்டு முன்னேற வேண்டும். ஒரு நபருக்கு எல்லாம் நடக்கும் என்பதை நீங்கள் உணர ஆரம்பிக்க வேண்டும். வாழ்க்கை நமக்கு எப்போதும் மகிழ்ச்சியைத் தருவதில்லை. அதை ஏற்றுக்கொண்டு எப்போதும் நடுநிலையோடு இருக்க முயற்சி செய்ய வேண்டும். வெற்றிகளை தலையில் சுமக்கவோ, தோல்வியை இதயத்திலோ எடுத்துச் செல்ல விரும்பவில்லை. எளிமையான எதிர்பார்ப்புகளும் நம் வாழ்க்கையை எளிதாக்குகின்றன.

A person sitting on a rock looking at a seagull

Description automatically generated with medium confidence

குணப்படுத்துதல், மனநலம் மிக முக்கியமானது. மத்தியஸ்தங்கள், சுவாசப் பயிற்சிகள், நன்றாக தூங்குதல், நம்பிக்கையுடன் இருப்பது மற்றும் உங்கள் நோய் எதிர்ப்பு சக்தியை அதிகரிப்பது மற்றும் உங்களுக்கு மோசமான தாக்கத்தை ஏற்படுத்தும் நபர்களுடனான உறவைத் தவிர்ப்பது மற்றும் இலவச சிதறல் முன்னேற்றம் ஆகியவற்றின் மூலம் நீங்கள் மெதுவாக வயதானதைச் செய்யலாம். அது மட்டுமின்றி உடல் தகுதியும் அவசியம். நீங்கள் சில உடற்பயிற்சிகளை செய்யலாம், விளையாடலாம் மற்றும் ஆரோக்கியமான உணவை எடுத்துக் கொள்ளலாம். மேலும், ஆரோக்கியமான மனதைப் பெறவும் உதவுகிறது. சமூக ரீதியாகவும் நமது ஆன்மா பாதிக்கப்படுகிறது. நம்மைப் பற்றிய மதிப்பு இல்லாதவர்களுடனான உறவுகள் அல்லது தொடர்புகளை நாம் தவிர்க்கலாம். அனுபவமின்மையும் கூட, எங்களுடன் தொடர்பில் இருப்பவர்களிடமிருந்து குறைவான எதிர்பார்ப்புகள் அல்லது பூஜ்ஜிய எதிர்பார்ப்புகள் நமது மன அழுத்தம் அல்லது ஏமாற்றத்தை மிகவும் குறைக்கின்றன என்று என்னால் கூற முடியும். நமக்காகவும் மற்றவர்களுக்காகவும் நம்மால் இயன்றதைச் செய்துவிட்டு வாழ்க்கையைத் தொடரலாம். எனது நம்பிக்கையின்படி, நாம் “இன்றைய மகிழ்ச்சியான மற்றும் தகுதியான நாளை” உருவாக்க முயற்சிக்க வேண்டும் மற்றும் அதில் வாழ வேண்டும்.

முடிவில், உங்களை நீங்களே குணப்படுத்திக் கொள்ள உங்கள் பொறுப்பை எடுத்துக் கொள்ளுங்கள் என்று நான் கூற விரும்புகிறேன், ஏனென்றால் அதை வேறு யாராலும் செய்ய முடியாது. நீங்கள் விரும்பும் விஷயங்களைச் செய்யுங்கள். நீங்கள் செய்த காரியங்களை நேசிக்கவும். நீங்கள் யார் என்பதில் மகிழ்ச்சியாக இருங்கள்.

முதலில் உங்களைக் குணப்படுத்துங்கள். மீதி பின்னர் வரும்.

Penned by: Rtr. Navodya Senarathne (Editorial Member 2021-22)

Edited, translated, and published by: RACSLIIT Editorial Team 2021-22

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s