සඳේ නුබ වාලුකා අතරින් එබී බලමින් සිතිජයේ……
රිදී සළු පට දොවා පහසින් අසිරි මැවු ඒ
විල්තෙරේ…..
ඇගේ අතැඟිලි අතරෙ තනිවී සිහින දහසක මැදියමේ…..
බැඳේ සිත් අප සොයා පෙම්සුව ජීවිතේ සිහිනෙක මෙසේ…..
පා නුරා නිල් නෙත් මතින් මා මත් කලා සැනෙකින් වගේ….
රෑ පුරා සිහිපත් කලේ ඒ රතට හුරු දෙතොලයි ඇගේ….
ගායනා දෙසවන් පුරා අද රැව් දිදී ඇසෙනා සඳේ….
කී එදා රහසක් මැවී අද දෑස් අභියස දී මගේ….
වෑහෙනා ඒ ප්‍රේමයේ සුව දැනුනිදෝ ඈ හට මගේ…
ඈ නිසා යලි පණ පොවා අලු මතින් පිබිදුණි ජීවිතේ….
සාගරේ බඳු ආදරේ ඈ සමඟ එක්වී යන මගේ….
පාරමී දම් පුරමි දිනයක වන්න ඈ විතරක් මගේ…
– A jay
Penned By: Rtr. Imesh Akalanka (Sergeant at Arms 2022-23)
Edited and published by: RACSLIIT Editorial Team 2022-23