එදින ඉමහත් කලබලකාරී දිනයක් විය. ඒ මක්නිසාදයත් අද දින විද්‍යා මණ්ඩපයේ වාර්ශික විද්‍යා සැනකෙලියේ අවසන් දිනය වීම හේතුවෙනි. මේ සදහා සරසවි භූමියේ විවිධ ක්ෂේත්රයන් හොවා දැක්වෙන විවිධ අංග රැසක් සංවිධානය කර පැවතුනි. මේ සදහා සහන් ඇතුලු මිත්‍ර පිරිස ඉතාමත් යුහුසුලුවමෙන්ම ප්‍රීතිමත්ව සහභාගීවිය. සරසවි භූමියේ සිටිනා අමුත්තන් අතරින් එක් අයෙක් සහන් වෙත දැඩි අවධානයෙන් යුතුව සිටියි. නමුත් මෙය සහන් හෝ අන් කිසිවෙක් දැන නොසිටි.
වැසිබර රාත්‍රි දිනක සහන් අවදිවුයේ දැඩි වේදනාකාරී ස්වරුපයෙනි. ඔහු සිහිනෙන් මෙන් ඇවිදිමට පටන් ගත්තේ බරපතල රාජකාරියක් කිරීමට යන්නක්මෙනි. ඔහු තම නිවසට යබදව ගොඩනගා ඇති ගරජයට ඇතුල්වී බැරෑරුම් මුහුනක් මවාගනිමින් බරපතල රාජකාරියක් සදහා තම අවධානය යොමුකර ඇති බව පෙනීයයි. මෙහිදී මොහු ඉදිරියෙහි රසායනාගර ද්‍රව්‍යයන්ගෙන් සැදුම්ලත් අපූර්වත වූ කබඩයක් එක්වර විවර විය. මොහු මේ තුලින් විවිධ පැහැයෙන් යුත් බොතල් කිහිපයක් ගෙන කිසිදු ආයසයකින් තොරව බීකරය තුල ඇති දිලිසෙන සුලු රත් පැහැති ද්‍රාවනය තුලට යම් කුඩක් එක් කෙරින. ඉන් ගොම කොල පැහැ ද්‍රාවනයක් ලැබින. මින් සහන් තුල කිසිදු කුතුහලාත්මක සිතුවිල්ලක් ඇති බවක් නොපෙනෙන නමුත් ඔහු සිටින්නේ දැඩි නිද්‍රා ස්වභාවයෙකිනි. පානය යුහුසුලුව පානය කල සහන් හට මද වේලවක් සිහිමූර්ජාවක් ඇතිවිය. සහන් හට නැවත සිහිය පැමිනෙන විට සිටියේ කලු පැහැ වස්ත්‍රයකින් මුලු සිරුරම වසගත් හින්දෑරී මිනිසෙකි. මොහුගේ මුහුන නොපෙනෙන තරමින් අපිලිවෙල රැවුලකින් යුක්තය. මේ අවස්ථාවේදී සහන්ගේ මොලය තුල උත්තේජනය වැඩිවිය. ඔහු ක්ෂණයෙන් මිනිසාට පහරදීමට තැත්කලද මිනිසා සන්සුන් ලෙස තම කබායෙන් දිගු මාලයක් වැනි යමක් සහන් දැස් ඉදිරිපස මුදා හැරිය. සහන් තුල යම් බලවේගයක් ක්‍රියත්මක විය. ඔහුට ඔහුවම අහිමිවන බවක් දැනිනි. මේ වන විට සහන් සිටින්නේ මේ නාදුනන මිනිසාගේ දැඩි ග්රහනයෙනි. මිනිසා සහන් ඉදිරින්තබා ගනිමින් විශාල විෂය කරැනු රැසක් අඩංගු ලිපි රැසක් කියවන්නට විය. නමුත් සහන්ට සිදුවුයේ එය සාවදානව ඇසීමට පමනි.
උදැසන අවදිවීමත් සමගම සහන් හට දැඩි නිද්රාකරී බවක් දැනුනද පසුදින රාත්‍රියේහි වූ කිසිවක් ඔහු දැන සිටියේ නැත. ඔහුගේ මෙම මාලනික ස්වාභාවයට හේතුව අලුයම වන තෙක් පාඩමෙහි නිරතවී සිට යැයි සිතු මවද එය එතරම ගනක් නොගත්තේය. කෙසේ වූවද සහන් තුල වූ මලානික ලක්ෂණයක් පැවතුනද සිරැර තුල අපූර්ව උත්තේජිත අවස්තාවක් බිහිවී තිබේ. එදින මණ්ඩපයෙහි පැවති අපහසූ වූ අභියෝගතා පරීක්ෂණයකට සහන් පිලිතුරු දුන්නේ ඉමහත් පහසුවෙනි. අනෙක් මිතුරන්ට දහසකුත් එකක ප්‍රශ්න මැද සහන් එයට පිලිතුරැ සැපයුවේ හුරැපුරැදු විලාසයෙනි. මේ පිලිබදව සැකයක් සහන්ගේ හොදම මිතුරාවන යසිරැට දැනුනි. ඔහු මේ පිලිබදව සොයා බැලීමට තම මිතුරාට වඩාත් සමීපව සිටියේය. නමුදු මොහුගේ දැඩි මලානික ස්වාභාව යසිරැටද ප්රශ්නයනයක් විය. ඔහු වෙනදා මෙන් තම ඇසුර ලැබීමට අකමැති බව යසිරැට තේරුම් ගියේය. නමුත් සහන්ගේ මෙම ක්ෂනික වෙනසට හේතුව සෙවීමට යසිරැ නොපසුබටව උත්සහයක යෙදින. මෙහිදී යසිරැ හට සහන්ගේ වෙනදා නොපැවති අපූර්ව සලකුනක් අතෙහි දක්නට ලැබින. මේ පිලිබදව තම මිතුරන්ට නොකියා සහන් පසුපස හඹායාමට යසිරැ තීරනය කලේය.
යසිරු එදින රාත්‍රියේ ම සහන් පසුපස හඹායාමට තීරනය කලේය. කෙසේ වූවදාවසානයේදී රාතියේ ඔහු සහන්ගේ නිවස අසල වූ පදුරට මුවා වී බලා සිටීමට සිදුවිය. ගතවුයේ ස්වල්ප මොහොතකි. තවත් අයෙක් පදුර අසලට වී සහන්ගේ නිවස දෙස තීක්ෂණ දෙනතින් යුතුව බලා සිටියි. යසිරැගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. ඒ මන්ද යත් එතැන සිටින්නේ අන් කවරෙකුවත් නොව සහන්ගේ ප්‍රියතම මාහාචර්යවරයා වන මාහාචර්ය ලිවේර වීමයි. යසිරැ හට කිරීමට අන් කවරක්ම නොවිය. ඔහු දැඩි ආයසයෙකින් යුතුවම තම මහාචාර්යවරයා හා සහන්ගේ නිවස දෙස එක වර නිරීක්ෂණය කිරීමට සිදුවිය. සද අහසේ මුදුන් වෙනවාත් සමගම නිවසේ වූ සියලුම විදුලි බුබුලු නිවී සහන් ප්රමුඛ නිවැසියන් නින්දට ගොස් ඇත. සුලු මොහොතකින් සහන්ගේ නිවස දෙසට අදුරැ සෙවනැල්ලක් ඇදී ගියේය. තීක්ෂණ දෙනතින් යුතුව තම මහාචාර්යවරයාගේ කුතුහලත්මකබව පිලිබදව යසිත්ට ඇති වූයේ සැකයකි. කෙසේ වූවද මහාචාර්යවරයා තීක්ෂණ ලෙස නිවස දෙස බලා සිටින මොහොතේදී සහන් දැඩි නින්ද්රාකාරී ලෙසට ගරාජය දෙසට ඇදී යන බව පෙනීයයි. පෙරදින මෙන් සහන් කිසිදු ගැටලුවකින් තොරව රාසායනයන් එක් කරමින් පානය කෙරිනි. මේ වන විට යසිරැට දැක ගතහැකි වූයේ ඇස් ආයා යසිරැව නීරීක්ෂණය කර සිටින මහාචාර්යවරයා ය. මොහොතකින් සහන් සිහිමූර්ඡා විය. ඒ සමගම එතැනට අදුරැ පැහැ සෙවනැල්ල ඇදි ගියහ. අද දින යසිරැ සන්සුන් බවක් පෙන් විය. එ නමුදු අදුරැ ආගන්තුකායා සමග මදක් කතා බහක යොමු වී සිටි අතර එක් වරම ආගන්තුකයා තම කබයෙන් මාලයක් සහන් ඉදිරියෙහි තැබියා. සහන් තමා හට තමා අවනත නොවී වන්නක් මොන් දැනිනි. මෙපමන වෙලා මේ සියලු ක්‍රියාකරකම් දෙස සාවදානව බලා සිටි යසිරැ සිරැවෙන් නැගිට ඒ දෙස යාමටා උත්සහ කලද ඔහුගේ අතින් ඇද ඒ වෙතට ඇදී ගන්නක් මෙන් යසිරැට දැනිනි. ඒ මහචාර්ය ලිවේරා ය. ඔහු තතින් සන් කලේ කලබල නොවී එතැනම රැදී සිටින ලෙසයි. නමුදු යසිරැට ඒයට අවනත වීමට එතරම් කැමැත්තක් නොපෙන් විය.
“සර්… ඔයාට පෙන්නෙ නැද්ද එතන මොකක් හරි නරක දෙයක් සහන්ට වෙනවා කියලා. “ යසිරැ පහත් ස්වරයෙන් ගුරැවරයගෙන් ඇසිය.
“ඔයා කියන කතාව හරි ලමයෝ ඒත් අපිට පොඩ්ඩක් ඉවසීමෙන් බලා ඉන්න සිද්ද වෙනවා.” මහාචාර්යවරයා පවසා ඔවුන්ගේ හඩ නොඇසෙන බැවින් දෙදෙනා ගරාජය අසලට හෙමින් සීරැවේ ලංවිය.
මේ වන විට ආගන්තුකායා විශාල පොතක්ද අතින් ගෙන නොදන්නා භාෂාවකින් කතා සහන් සමග කරමින් සිටියි. නමුත් ඉන් පිට වෙන්නෙ සහන්ගේ හඩ නොව වෙනත් ගැබුරැතම වූ හඩකි. යසිරැට මේ කිසිවක් අදහා ගත නොහැකි වුවත් මහාචාර්ය ලිවේරා හට මෙය අදහාගත නොහැකි ආකාරයෙන් පවසා සිටියේ. ලමයා ඔයාට ඔයාගේ යලුවා ඔනේ නම් දැන්ම බේරගන්න වෙනවා ලෙසයි. මෙතන කුමන දෙයක් සිදුවෙන්නෙදැයි යසිරැ සිය මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටි දෙයින් යසිරැ පුදුමයට පත්විය. ඇත්තවශයෙනම ඔහු කියා සිටියේ සහන් Remote Time Traveler කෙනෙක් බවයි. මහාචාර්යවරයා තමා මෙය පෙර සිට දැන සිටි බවත් තමා එම බලාය සහන්ට හසුරැවා ගැනීමට උපකාරී වී ඇතිබව පැවසු විට යසිරැහට තම මිතුරාඑපමන ලොකු රහසක් ව්ෂ්න් කිරීම පිලිබදව මහත් කලකිරීමක් ඇතිවිය නමුදු මහාචාර්ය ලිවේරා පවසන පරිද්දෙන් මෙම නාදුනන පුද්ගලායා සහන්ව බලහත්කාරයෙන කාලය හරහා යැවීමින් යම් කිසි ක්‍රියාකරකමක් කරන බවයි. නමුදු මෙහිදී සහන් මෙම ස්ථානයේම සිටිද්දි කොහොමද කාලය හරහා ගමන් කරන්නෙ යන්න තම ගුරැවරයාගෙන් ඇසුවද ඔහු ලබා දුන් පිලිතුරවූයේ. තව මොහොතකින් තමාට එය දැන ගැනීමට හැකී යන්නයි.
සුලු මොහොතක් ගත්වීමෙන් අනතුරැව ආගන්තුකයා තම අතැගිලි එකට තෙරපමින් ‘ටික්..’ ශබ්දයක් නැගිය. නැවත සිහි ලැබුනාක් මෙන් සහන් සිටියද ඔහු ඇඩි මලානික හඩ අවදිවිය.
“මට මේක තවත් කරන්න බෑ.. කරැනාකරලා මට කරදර නොකර මේක නවත්තන්න..”
අගන්තුකයා කොක් හඩලයි.
“නවත්තන්න… නවත්තලා මොනා කරන්නද? තමුන් හොදටම දන්නවා තමුන් දැන් ටිකකට කලින් බිව්ව දේ නැත්තම් තමුන්ට ඔච්චර හොද මතකයක් තියාගන්නෙ කොහොමද කියලා. තමුන් Hyperthymesia එහෙමත් නැත්තම් මිනිහෙක්ට කලාතුරකින් ලැබෙන ජීවිතයේ සෑම සිදුවීමක්ම පාහේ ඉතා නිවැරදිව මතක තබා ගැනීමට ඉඩ සලසන හැකියාව කෘතිමව ලබා ගත්ත කෙන්නෙක්. මගේ පරීක්ෂණට මං නුඹව තෝරගත්තේ නුබට lab rabbit කෙනෙක්ගේ කාර්යය කරන්න මෙ නෙමෙයි කියලා නුබ දන්නවනේ.. ඒ උබට කාලේ හරහා යන්න පුලුවන් නිසා.. උබේ උදව්වෙන් මට පුලුවන් අතීතයේ තිබූ මහා දැනුම වගේම අනගත දැනුම මට ලබාගන්න.. ඒ උදව්වෙන් මට පුලුවන් අනගතයෙන් මිනිස්සු මෙ කාලෙට ගෙන්න ගන්න.. අන්න ඒ නිසා මගේන් නුබට කිසිම බේරැමක් නෑ කියලා දැනගන්නවා..”. ආගන්තුකයා මහා හඩින් එසේ කියා නිම කරනවාත් සමගම ඔහුගේ හිස මතට විශාල යකඩ පොල්ලක් ඇදී ඔහු එතැනම සිහිමූර්ඡා කරමින් බිමට පතිත විය. ඒ සමගම මහාචාර්ය ලිවේරා ඉදිරියට පැන සහන් අප වෙතට ගෙන ගත්හ. සහන් සුසුම් හෙලිය. ඔහුගේ නින්ද්රාකාරී ස්වාභාවය එලෙසම වෙද්දී ආගන්තුකයා සිරැර පොලීසියට භාර කල මහාචාර්යවරයා සහන් යසිරැහට භාර කර ඔහුට වඩාත් හොද නින්දක් අවැසියැයි පැවසීය.
පසුදින අපරභාගයේ මහාචාර්යවරයා තම සිසින් දෙදෙනා තමන් වෙත ගෙන්වා කියා සිටියේ පෙර දෙන සහන් සන්තක කර තබා සිටි පුද්ගලයා හදුනානොගත් බල සම්බනධව පර්යේක්ෂණ සිදු කරන ගවේෂකයෙක් බවටයි. පසු සහන්ගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී අනවරනය වූයේ විද්‍යා සැනකෙලියේදී මෙම පුද්ගලයා තමා ප්‍රතම වතාවට මෝහනය කල බවත් ඉන් පසුව ඔහුගේ රහසිගත රසායනාගරයෙන් එය සාදා නිම කිරීමට තමාට අනුබල ලැබුනු බවත්ය. කොසේ වූවද කෘතිම Hyperthymesia හැකියාව ලැබූ රහසිගත පානය සහන්ට නැවත් පානය කල නොහැකි වූයේ අගන්තුක ගවේෂකයා ලබා දුන් රහසිගත සංයෝගය අවසන් වීමත් සමගයි. නමුත් තවමත් මහාචාර්යවරයා ප්රමුඛ සහන් හා යසිරැ තවමත් මේ රහසිගත සංයෝගය පිලිබදව කාල යාථා කරමින් පර්යේශන වල නිරතවෙමින් සිටි.
Penned By: Rtr. Kasuni Munasinghe (Editorial Member 2022-23)
Edited and published by: RACSLIIT Editorial Team 2022-23