අඳුරෙන් එළියට…
“අයියෝ අම්මා,, ආයිත් කරන්ට් එක ගියානේ..
මං කොහොමද දැන් ඔන්ලයින් ක්ලාස් යන්නේ
අනිත් එක අද කරනව කිව්වෙත් ගොඩක්ම වැදගත් පාඩමක්” ඒ මැසිවිල්ල සෙව්මිණී ගෙනි.
සෙව්මිණී මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන ශිෂ්‍යාවකි.
මේ දිනවල දිවයින පුරා වරින් වර සිදුකරන විදුලි සිඳලීම් නිසා අපහසුතාවයට පත් වන්නන් බොහෝ වන අතර පාසල් සිසුන් එහිදී විශේෂ වේ. කොරෝනා වසංගතයේ පැතිරීමත් සමගම මාර්ගගත ක්‍රමයකට හුරුවූ අධ්‍යාපන ක්රියාවලියද මෙම විදුලි සිඳලීම් නිසාවෙන් කඩාකප්පල් වීම සැබැවින් ම කනගාටුවට කරුණකි.
” මොනව කරන්නද ළමයෝ… මේ ඉටිපන්දම පත්තු කරන් වෙන ඉස්කෝලෙ වැඩක්වත් කරගන්න එහෙනං ” අම්මා පැවසුවේ සුපුරුදු ලෙසය.
මේ අන්දමින් අපහසුතාවයට පත්වූ මුල්ම අවස්ථාව මෙය නොවේ… මින් පෙර කිහිප වතාවක් ම සෙව්මිණී මීට මුහුණ දී තිබේ.
” ජෙනරේටරයක් වත් ගන්න තිබ්බා.. ඒත් ඒවත් දැන් ගොඩක් මිලයි නේ.. ” එවිටම වාගේ ගෙට ගොඩවූ තාත්තා පැවසූවේ අම්මාගේත් දුවගේත් සංවාදය කන වැකුණු හෙයිනි..
” කොහොම උනත් ළමයින්ගේ ඉස්කෝලෙ වැඩවලට වෙන පාඩුව නම් කියල නිම් කරන්න බෑ ” අම්මා ඊට පිළිතුරු බැන්දේය.
එදින රසායන විද්‍යාව දේශනයද අහිමි වූ සෙව්මිණී නින්දට ගියේ මහත් කනස්සල්ලෙනි.
තවත් සති දෙකකින් පමණ පැවැත්වීමට නියමිත වාර විභාගයට මුහුණ දීමට සූදානම් වීමට ද වැඩි කාලයක් නැත.
පසුව මිතුරියකගෙන් සටහන් ඉල්ලා ගත්තද සජීවී ව දේශනය අසන විට මෙන් ඒවා මනසේ ධාරණය වන්නේද නැත.
ප්‍රශ්න ගොඩකි…
කෙමෙන් කෙමෙන් වාර විභාග දින එළඹිණි.
ඒ වාර විභාගය ආරම්භ වන දිනයයි.
සෙව්මිණී උදෑසනම පන්ති කාමරයට යනවිටත් පන්තියේ පෙර නොවූ විරූ නොසන්සුන් බවකි.
” සෙව්මිණී , සෙව්මිණී ,, දන්නවද දර්ශනීට වෙලා තියන දේ.. ? එයා ඊයෙ රෑ කරන්ට් ගිහිපු වෙලාවෙ පාඩම් කර කර හිටපු කුප්පි ලාම්පුව පෙරළිලා, පොත්ටිකට ගිනි ඇවිලිලා , දර්ශනී ව පිච්චිලා ” ලෝචනා පැවසීය.
එවිටම වාගේ පන්ති කාමරයට පැමිණි ගුරුතුමිය නිසා ළමයින්ගේ කසු කුසුව නතර විය.
” ළමයි ,, නිශ්ශබ්ද වෙන්න.. අපි හැමෝම දන්නවා දර්ශනීට වුණ දේ… වාසනාවකට ලොකු අනතුරක් වෙලා නෑ. දර්ශනී ඉක්මනින් සනීප වෙලා එයි..
ඔය ළමයි දැන් විභාගයට සූදානම් වෙන්න.. මම තව විනාඩි දහයෙන් පේපර් එක බෙදනවා ” යි කියූ ගුරුතුමිය කඩිනමින් පන්තියෙන් පිටවීය.
කෙසේහෝ එදින පැවැති රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සෙව්මිණී ට එතරම් සතුටුදායක ලෙස පිළිතුරු සැපයීමට නොහැකි විය. මාර්ගගත ලෙස පැවැති රසායන විද්‍යා දේශන කිහිපයක් ම අතපසු වීම ඊට හේතුවයි.
වාර විභාගය නිමවීමෙන් පසු පැවති කෙටි නිවාඩුවෙන් පසු අද පාසල යළි ඇරඹෙන දිනයයි.
ගුරුතුමිය පන්තියට පැමිණ කලින් වාර විභාග ලකුණු ලබා දෙන්නට විය.
” සෙව්මිණී.. මේ පීරියඩ් එකෙන් පස්සෙ මාව හම්බවෙන්න ස්ටාෆ් රූම් එකට එන්න දරුවෝ.. “
ගුරුතුමිය පන්තියෙන් පිටවීමට මත්තෙන් පැවසීය.
ඇත්තෙන්ම ගුරුතුමිය එලෙස පැවසුවේ ඇයිදැයි සෙව්මිණීට සිතා ගත හැකිය.
වෙනදාට රසායන විද්‍යාවට වැඩිම ලකුණු ගන්නා ඇයට මෙවර ලැබී තිබුණේ ඉතාමත් අඩු ලකුණකි.
” කමක් නැහැ, ටීචට කියනවා ක්ලාසස් මිස් වුණ එක ගැන ” සෙව්මිණී සිතුවාය.
“ඇයි දරුවෝ මේතරම් ලකුණු අඩු වුණේ ?”
ගුරුතුමිය විමසුවාය.
” සැරින් සැරේ කරන්ට් කපන නිසා ක්ලාසස් ගොඩක් මිස් වුණා ටීච” සෙව්මිණී පැවසුවාය.
” හ්ම්ම්, මට තේරෙනවා , මේ ප්රශ්නය හින්දා පාසල් දරුවොන්ට තමයි ලොකුම හානිය වෙලා තියෙන්නේ.. දැක්කනේ දර්ශනී ට වුණ දේ.. ” ගුරුතුමිය කල්පනාකාරීව පැවසීය.
“ඇත්තටම මේකට විසඳුමක් අපි හොයන්න ඕනෙ. සෙව්මිණී දැන් පන්තියට යන්නකෝ ” යැයි පැවසූ ගුරුතුමිය ඊළඟ කාලපරිච්ඡේදයේ පන්තියට පැමිණියේ පාසලේ තාක්ෂණවේදය විෂයය උගන්වන කමල් සර් සමගයි.
” ළමයි, මම කමල් සර්ට එන්න කීවේ වැදගත් දෙයක් ඔයාලට කියා දෙන්නයි, මේ විදුලි අර්බුදයත්, ඒකෙන් වන හානිය ගැනත්, ඒකට විසඳුම් ගැනත් අපි සාකච්ඡා කළා.. “
” ඔව් පුතේ, මේ ප්රශ්නය නිසා ඔයාලගෙ අධ්‍යාපනයට වෙලා තියන හානිය, තව ජීවිත වලට වෙලා තියන හානිය ගැන අපි දැන් දැනුවත් , අපි බලමු අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා “
ලෙස පැවසූ කමල් සර්, සිය ලැප්ටොප් පරිගණක ය සිසුන්ට දැක්වීය.
” මේ බලන්න , මේ රූපෙ තියෙන සූර්ය කෝෂ එහෙමත් නැත්නම් සෝලර් පැනල් ගැන ඔය දරුවො අහලත් ඇති සමහරවිට,,
මේ බලශක්ති අර්බුදය නිසා අපි කාර්යක්ෂම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගැන අවදානය යොමු කරන්න ඕන කාලයක් මේක.
පාසල් දරුවො විදියට ඔයාල විද්‍යාව වගේ විෂයන් වලට මේවා ගැන ඕනතරම් ඉගෙනගෙන ඇති, ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න අපි හුරු වුණේ නැත්නම් ඒ දැනුම අපරාදෙ “
” හොඳින් සූර්යාලෝකය ලැබෙන, සමකාසන්න රටක් වන අපිට සූර්යකෝෂ ඉතා හොඳින්ම ගැලපෙනවා, අපේ අවශ්‍යතාවයට අමතරව නිපදවෙන විදුලිය අලෙවි කරන්නත් හැකි නිසා අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන්,
මූලික වියදම ටිකක් වැඩි වුණත් , දැන් ගොඩක් බැංකු හා ආයතන මඟින් ඒ සඳහා ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීලා තියනවා” යැයි දීර්ඝ විස්තරක් කළ ගුරුතුමා,
“ඇත්තටම මෙතරම් වාසි තියෙන බලශක්ති ප්‍රභව අපි ලඟම තියාගෙනත් , අඳුරේ දුක් විඳින්නේ මොකටද දරුවනේ ,
මේ ගැන තව විස්තර දැන ගන්න ඕන දරුවො ඉන්නවනම් මට කතා කරන්න, අපි ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් හා ආයතන පාසල හරහාම ඔයාලට සම්බන්ධ කරලා දෙන්නම්” යැයි අවසාන වශයෙන් පැවසීය.
ගුරුතුමාගේ මෙම කතාවට බොහෝ සිසුන්ගේ අවදානය යොමු වූ බවක් ද පෙනෙන්නට විය.
” ඇත්ත තමයි, මේවගේ වටින ශක්ති ප්‍රභව අපි ප්‍රයෝජනයට ගන්නෙ නැති එකනම් හරිම අපරාදයක් , අදම තාත්තාට කියන්න ඕන මේ ගැන ” යැයි සෙව්මිණී තනිව සිතුවාය.
*නිමි*
Out of the dark
“Oh mom, the current went out again..
How can I go to online classes now?
And also, today lesson is very importanat” Sevmini took that complaint.
Sevmini is a student preparing for the A-level examination this year.
These days, there are many people who are inconvenienced due to the periodic power cuts across the island, and among those people, school students are special. It is really sad that with the spread of the Corona epidemic, the education process which is used to an online system has also been disrupted due to these power cuts.
“What are you going to do, …light this candle and do some school work then” said mother as usual.
This is not the first time that Sevmini has faced this problem, several times before.
“I could have even bought a generator.. but even that is very expensive now.. ” Just then the father came home and said, because the conversation between mother and daughter was over.
“In any case, the loss of children’s school work is indescribabale.” mother replied.
Having missed the chemistry lecture that day, Sevmini went to bed very worried.
There is not much time to prepare for the term exam which will be held in two weeks.
Even if you ask a friend for notes later, they won’t stay in your mind like when you listen to the lecture live.
So many questions…
Slowly the days of term exams came.
That is the date of commencement of term examination.
Even when Sevmini went to the classroom in the morning, there was an unprecedented tension in the class.
“Sevmini, Sevmini, do you know what happened to Darshanee? Last night, when the power went out, the bottle lamp,that was used to study, is fell over, caught fire and burned Darshanee,” said Lochana.
Just then, the teacher came to the classroom and the children’s whispering stopped.
“Kids,, be quiet.. we all know what happened to Darshani… luckily there was no major accident. Darshani will recover soon..
You children should prepare for the exam now.. I will distribute the question paper in ten minutes” the teacher said and quickly left the class.
Anyway, Sevmini could not answer the chemistry question paper held that day so satisfactorily. The reason for this is that several online chemistry lectures were missed.
Today is the day when school starts again after the short holiday after the end of term exams.
The teacher came to the class and started giving marks for the early term exams.
“Sevmini.. come to the staff room to meet me after this period..”
The teacher said before leaving the class.
Indeed, Sevmini can imagine why the teacher said that.
last time she got the highest marks in chemistry, but this time she got very low marks.
“It’s okay, I’ll tell the teacher about missing classes,” Sevmini thought.
“Why did the children score so low?”
asked the teacher.
“Teacher, I missed a lot of classes due to frequent power cuts,” Sevmini said.
“Hmm, I understand, because of this problem, the biggest damage has been done to the school children.. I saw what happened to Darshanee.. ” The teacher said thoughtfully.
The teacher said, “We really need to find a solution to this. Sevmini, you can go to class now.” The next period, the teacher came to the class with Kamal Sir, who teaches the subject of technology in the school.
“Children, I asked Kamal sir to come and tell you something important. We discussed this electricity crisis, the damage it causes, and the solutions to it.”
“Yes son, we are now aware of the damage caused to your education and other lives due to this problem, let’s see what kind of things we can do at our level”
Kamal sir showed his laptop to the students.
“Look, maybe you children have heard about the solar cells or solar panels in this picture.
Due to this energy crisis, this is the time when we need to focus on efficient renewable energy sources.
As school children, you have learned a lot about these things in subjects like science, if we don’t get used to using them in practice, that knowledge is damned.
“Solar cells are very suitable for us, as a equinoctical country with good and sunlight , because we can sell the electricity produced in addition to our needs, so we can get additional income.
Although the initial cost is a little higher, now many banks and institutions have introduced loan facilities and easy payment methods for it,” the teacher explained at length.
“Why do we suffer in the dark, even though we have so many beneficial energy sources close at hand?
If there are children who want to know more about this, call me, we will connect you with the necessary officials and institutions through the school,” he said finally.
It also seemed that the attention of many students was drawn to this speech of the teacher.
“The truth is, it’s a shame that we don’t use this precious source of energy. I want to tell my father about this today,” Sevmini thought to herself.
-The end-
இருட்டுக்கு வெளியே
“ஐயோ அம்மா மறுபடியும் மின்சாரம் துண்டிக்கப்பட்டு விட்டது…
இப்போது நான் எப்படி ஆன்லைன் வகுப்புகளுக்குச் செல்வது?
மேலும், இன்றைய பாடம் மிகவும் முக்கியமானது” என்று அந்த புகாரை செவ்வினி கூறினாள்.
செவ்வினி இந்த ஆண்டு உயர்தரப் பரீட்சைக்குத் தயாராகும் மாணவி.
இந்நாட்களில் நாடளாவிய ரீதியில் அவ்வப்போது ஏற்படும் மின்வெட்டு காரணமாக அசெளகரியங்களுக்கு உள்ளாகும் மக்கள் பலர் காணப்படுவதுடன், அந்த மக்களில் பாடசாலை மாணவர்களும் விசேடமாக கருதப்படுகின்றனர். கொரோனா தொற்று பரவி வரும் நிலையில், இந்த மின்வெட்டு காரணமாக ஆன்லைன் முறையில் பயன்படுத்தப்படும் கல்விச் செயல்முறையும் பாதிக்கப்பட்டுள்ளது மிகவும் வருத்தமளிக்கிறது.
“என்ன செய்யப் போகிறாய்,…இந்த மெழுகுவர்த்தியை ஏற்றிவிட்டு பள்ளி வேலைகளையாவது செய்” என்றார் அவளது அம்மா வழக்கம் போல.
செவ்வினி இந்தச் சிக்கலை எதிர்கொள்வது இது முதல் முறையல்ல, இதற்கு முன் பலமுறை.
“ஜெனரேட்டர் கூட வாங்கி இருக்கலாம்.. ஆனால் அதுவும் இப்போது ரொம்பவே விலை.. ” அப்போது அப்பா வீட்டிற்கு வந்து சொன்னார், ஏனென்றால் அம்மாவுக்கும் மகளுக்கும் இடையே பேச்சு வார்த்தை முடிந்துவிட்டது.
“எப்படி இருந்தாலும், குழந்தைகளின் பள்ளி வேலைக்கு இழப்பு விவரிக்க முடியாதது” என அம்மா பதிலளித்தார்.
அன்று வேதியியல் விரிவுரையைத் தவறவிட்டதால், மிகவும் கவலையுடன் படுக்கைக்குச் சென்றாள் செவ்வினி.
இன்னும் இரண்டு வாரங்களில் நடைபெறவுள்ள தவணை பரீட்சைக்கு தயாராவதற்கு அதிக நேரம் இல்லை.
பின்னர் நண்பரிடம் குறிப்புகளைக் கேட்டாலும், விரிவுரையை நேரலையில் கேட்பது போல அவை உங்கள் மனதில் நீங்காது.
இப்படி பல கேள்விகள்…
மெல்ல மெல்ல தவணை தேர்வுக்கு நாட்கள் வந்தன.
அதுவே தவணை தேர்வு தொடங்கும் நாள் அன்று.
காலையில் செவ்வினி வகுப்பறைக்குச் சென்றபோதும் வகுப்பில் எப்போதும் அல்லாத பதற்றம் நிலவியது.
“செவ்வினி, செவ்வினி, தர்ஷனி என்ன ஆனாள் தெரியுமா? நேற்று இரவு மின்சாரம் துண்டிக்கப்பட்டதும், படிக்கும் போது பயன்படுத்திய குப்பி விளக்கு கீழே விழுந்து தீப்பிடித்து எரிந்தது” என்றாள் லோச்சனா.
அப்போது ஆசிரியர் வகுப்பறைக்கு வந்ததும் குழந்தைகளின் கிசுகிசுப்பு நின்றது.
“குழந்தைகளே, அமைதியாக இருங்கள்.. தர்ஷனிக்கு என்ன நடந்தது என்பது நம் அனைவருக்கும் தெரியும்… நல்லவேளையாக பெரிய விபத்து எதுவும் ஏற்படவில்லை. தர்ஷனி விரைவில் குணமடைவார்..
குழந்தைகளாகிய நீங்கள் இப்போதே பரீட்சைக்குத் தயாராகுங்கள்.. பத்து நிமிடத்தில் வினாத்தாளை கொடுத்து விடுகிறேன்” என்று கூறிவிட்டு ஆசிரியர் வகுப்பை விட்டு வேகமாக வெளியேறினார்.
ஆனால் அன்று நடந்த வேதியியல் வினாத்தாளுக்கு அவ்வளவு திருப்தியாக செவ்வினியால் பதில் சொல்ல முடியவில்லை. இதற்குக் காரணம், பல ஆன்லைன் வேதியியல் விரிவுரைகள் தவறவிடப்பட்டதே.
இன்று தவணை பரீட்சை முடிந்து சிறு விடுமுறைக்குப் பிறகு மீண்டும் பள்ளி தொடங்கும் நாள் ஆகும்.
ஆசிரியர் வகுப்பிற்கு வந்து ஆரம்ப தவணை தேர்வுகளுக்கு மதிப்பெண்கள் கொடுக்கத் தொடங்கினார்.
“செவ்மினி.. இந்த பாட நேரத்திற்கு பிறகு என்னைச் சந்திக்க ஊழியர் அறைக்கு வா..” என
வகுப்பை விட்டு வெளியேறும் முன் ஆசிரியர் கூறினார்.
உண்மையாகவே செவ்வினி ஆசிரியர் ஏன் அப்படிச் சொன்னார் என்று கற்பனை செய்து பார்த்தாள்.
கடந்த முறை வேதியியலில் அதிக மதிப்பெண்கள் பெற்றிருந்தாள், ஆனால் இந்த முறை மிகக் குறைந்த மதிப்பெண்கள் பெற்றாள்.
“பரவாயில்லை, ஆசிரியரிடம் வகுப்பு தவற விடப்பட்டதை சொல்லுவேன்” என்று நினைத்தாள் செவ்வினி.
“குழந்தைகள் ஏன் இவ்வளவு குறைவாக மதிப்பெண் பெற்றார்கள்?” என்று கேட்டார் ஆசிரியர்.
“அடிக்கடி மின்வெட்டால் நிறைய வகுப்புகளைத் தவறவிட்டேன் ஆசிரியரே” என்றாள் செவ்வினி.
“ம்ம்ம் புரிகிறது இந்த பிரச்சனையால் பள்ளிக்குழந்தைகளுக்கு மிகப்பெரிய கேடு நேர்ந்திருக்கிறது.. தர்ஷனிக்கு நடந்ததை பார்த்தேன்..” என்று ஆசிரியர் யோசனையுடன் கூறினார்.
அதற்கு ஆசிரியர், “நிஜமாகவே இதற்கு ஒரு தீர்வு காண வேண்டும். செவ்வினி, நீ இப்போது வகுப்பிற்குச் செல்லலாம்” என்றார். அடுத்த பாட வேளை, பாடசாலை தொழில்நுட்பவியல் பாடம் சொல்லிக் கொடுக்கும் கமல் வாத்தியாருடன் ஆசிரியர் வகுப்பிற்கு வந்தார்.
“குழந்தைகளே, நான் கமல் சார் ஒரு முக்கியமான விஷயம் சொல்ல வந்தேன். இந்த மின்சார நெருக்கடி, அதனால் ஏற்படும் பாதிப்பு, அதற்கான தீர்வுகள் பற்றி விவாதித்தோம்.”
“ஆமாம் மகனே, இந்த பிரச்சனையால் உன் கல்வி மற்றும் பிற உயிர்களுக்கு ஏற்பட்ட பாதிப்புகளை நாங்கள் இப்போது அறிந்திருக்கிறோம், எங்கள் மட்டத்தில் என்ன மாதிரியான விஷயங்களைச் செய்யலாம் என்று பார்ப்போம்”
கமல் சார் தனது மடிக்கணினியை மாணவர்களிடம் காட்டினார்.
“பாருங்கள், இந்தப் படத்தில் உள்ள சோலார் செல்கள் அல்லது சோலார் பேனல்கள் பற்றி குழந்தைகளாகிய நீங்கள் கேள்விப்பட்டிருக்கலாம்.
இந்த சக்தி நெருக்கடியின் காரணமாக, திறமையான புதுப்பிக்கத்தக்க எரிசக்தி வளங்களில் நாம் கவனம் செலுத்த வேண்டிய நேரம் இது.
பள்ளிக் குழந்தைகளாகிய நீங்கள் அறிவியல் போன்ற பாடங்களில் இவற்றைப் பற்றி நிறைய கற்றுக்கொண்டீர்கள், நடைமுறையில் இவற்றைப் பயன்படுத்தப் பழகவில்லை என்றால், அந்த அறிவு மோசமானது.
“சூரிய மின்கலங்கள் நமக்கு மிகவும் பொருத்தமானவை, சிறந்த சூரிய ஒளி கிடைக்க கூடிய சமச்சீர் நாடு என்பதால், நமது தேவைக்கு கூடுதலாக உற்பத்தி செய்யப்படும் மின்சாரத்தை விற்று கூடுதல் வருமானம் பெறலாம்.
ஆரம்பச் செலவு கொஞ்சம் அதிகம் என்றாலும், இப்போது பல வங்கிகளும், நிறுவனங்களும் கடன் வசதிகளையும், அதை எளிதாகச் செலுத்தும் முறைகளையும் அறிமுகப்படுத்திவிட்டன” என்று ஆசிரியர் விரிவாக விளக்கினார்.
“எவ்வளவு நன்மை பயக்கும் சக்தி வளங்கள் கைவசம் இருந்தாலும், நாம் ஏன் இருளில் தவிக்கிறோம்?
இதைப் பற்றி மேலும் அறிய விரும்பும் குழந்தைகள் இருந்தால், என்னை அழைக்கவும், நாங்கள் உங்களை பள்ளி மூலம் தேவையான அதிகாரிகள் மற்றும் நிறுவனங்களுடன் இணைப்போம்”என்று அவர் இறுதியாக கூறினார்.
ஆசிரியரின் இந்தப் பேச்சில் பல மாணவர்களின் கவனமும் ஈர்க்கப்பட்டதாகத் தோன்றியது.
“உண்மை என்னவென்றால், இந்த விலையுயர்ந்த சக்தியை நாம் பயன்படுத்தாமல் இருப்பது வெட்கக்கேடு, இதை நான் இன்று என் தந்தையிடம் சொல்ல விரும்புகிறேன்,” என்று தனக்குள் நினைத்தாள் செவ்வினி.
-முற்றும்-
Edited, translated and published by: RACSLIIT Editorial Team 2022-23