විවිධත්වයේ එකමුතුව තුලින් යහපත් හෙටක් උදෙසා ස්වෙච්ඡා සේවය🇱🇰

sri-lanka_240-animated-flag-gifs

විවිධත්වයේ එකමුතුව තුලින් යහපත් හෙටක් උදෙසා ස්වෙච්ඡා සේවය🇱🇰

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පුදන ලද අප ධරණිතලයේ 72 වන නිදහස් දින සැමරුම අද දිනට යෙදී ඇති මේ මොහොතේ මාතෘ භූමියේ නිවහල් බව උදෙසා පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදී විවිධ ආක්‍රමණ වලට මුහුණ දී 1818 දී ඇතිවූ තීරණාත්මක වෙල්ලස්ස සටන ඇතුළු සටන් දාමයකින් පසු 1948 වර්ෂයේ පෙබරවාරි 4 දින ඉංග්‍රීසීන් ගෙන් නිදහස ලබා ගන්නා තෙක් එකී සියළු සටන් වලදී දිවි පිදූ සියළු ජාතික වීරවරුන් සදා අමරණීය බව සිහිපත් කරමි. ඔවුන් කල කී දස්කම් පිලිබඳ ව මතු පරපුර දැනුවත් කිරීම උදෙසා අප අතීතය නිසි ආකාර ව දැන සිටීම අගනේ යැයි සිතමි. පසු කලෙක නැවත අප මාතෘභූමිය තිස් වසරක කුරිරු යුද්ධයකට මැදිවූ අතර එදා දුර අතීතයේ සටන් කල ජාතික වීරවරුන් ගේ නැවත ඉපදීම් දෝ යැයි සිතෙන අන්දමින් මෙදා වීරෝධාර රණවිරුවන් අප දේශය මුදා ගැනීමේ ඒකායන අරමුණෙන් යුතුව තම දිවි කැප කරමින් සටනේ යෙදී නැවත මව්බිම දිනා දුන්හ.
වසර 2500කටත් එහා ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පියුමින් සැරසුනු ඉඳුනිල් ගඟුලැල් ද, මෙම මනරම් දිවයිනේ පොළොවෙන් මතුවන මිණිකැට ද, ලලිත කලා ඔප කරනා සීගිරි ළඳුන් ප්‍රමුඛ සංස්කෘතියකින් ද රත්නමාලි සෑ කිරණින් හා මහ බෝ සෙවණින් ආරක්ෂා වන මහා බල සම්පන්න බවකින් යුක්ත වූ ද ඉරක් පායනා මේ දේශයට ලොවක් ලොබ බැදීම අරුමයක් නොවන්නේම ය.
එසේවුව ද,නිදහස් නිවහල් ජාතියක් ලෙස හුස්ම ගත්තා වුව තවමත් අප දියුණු වෙමින් පවතින රටක් ලෙස හැදින්වීම ට සිදු වීම අප විසින් ම දේශය වෙත කරන පරිභවයක් දෝ යැයි මට සිතේ. එබැවින් අප සියලු දෙනා එක්වී අප හදවත් ගැඹුරේ ඇති ධීර චේතනා මේ සිව් හෙළයේ දසත ම විහිදුවා මව් දෙරණ නගා සිටුවීමට කටයුතු කල යුතු ය.
ස්වේච්ඡා සේවය අරමුණු කරගත් රොටරැක්ට් සමාජය එහි ලා සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබන අතර එහි සාමාජිකත්වය ලැබූ මම භාග්‍යවන්තයැයි විශ්වාස කරමි.

ජාති ආගම් කුල ආදී ලෙස වර්ගීකරණය වී සිටිය ද එය භේදයක් ලෙස නොව ශක්තියක් ලෙස සලකා කටයුතු කරන ආකාරය ත්, දේශයේ උන්නතිය උදෙසා නව මානයන් සොයා යන ආකාරයත්, උපකාර අවැසි අය උදෙසා පුහු ආටෝපයෙන් තොරව අව්‍යාජ ව උපකාර කරන ආකාරයත් උගත්තා සේම සියලු ජාති ආගම් වලට අයත් එක සේ මානුෂීය ගුණයෙන් ‍යුතු මිතුරු මිතුරියන් ඇති කරගැනීම ටත් සමත් වූ බව ලියා තැබීම ට සතුටු ය. රොටරැක්ට් හී එන මාවත් සතර තුලින් දායාද කල හැකි දෑ බොහෝ ය. තම සංගමය සදහා සිදු කරන කටයුතු තුලින් සාමාජිකයන් තුල ඇති සහයෝගය, අවබෝධය හා එකමුතු බවදියුණු වන අතර එමගින් තනිව ඉටු කරනවාට වඩා දහස් ගුණයකින් විශාල ලෙස සාමූහික සේවයක් කල හැක. සමාජය උදෙසා ඉටු කරන කාර්යයන් මගින් සමාජයේ දියුණුව, නොවෙනස් වන බැදීම් සහ යහ පැවැත්ම තහවුරු කරන අතර තිරසාර සංවර්ධනය උදෙසා පිටිවහලක් වේ. වෘත්තීය සංවර්ධනය මගින් සාමාජිකයන් ගේ පමණක් නොව සෙසු සියලු මිනිස්සු ගේ දැනුම, හැකියා සහ කුසලතා වර්ධනය කල හැකි වීම නැගී සිටින දේශයක ට මනා උර දීමක් බව කිව යුතුය. 

තවද, ජාත්‍යන්තර සේවය මගින් අප රට පිලිබඳ පණිවුඩ ලොවට බෙදා දිය හැකි අතර දේශාන්තර සබඳතා ගොඩනගා ගැනීම තුල නව මිතුරුකම්, සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව, තාක්ෂණික දියුණුව, හා අප සංස්කෘතිය ලොව ඉදිරියේ පෙන්වීම හා ලෝක සාමයට උර දීම ආදී බොහෝ දෑ ඉටු කරගත හැක.

එසේ හෙයින් රොටරැක්ට් සාමාජිකත්වය තුලින් තම පුද්ගලික දියුණුව, ස්ව-වටිනාකම ඔපනගා ගැනීම ට පමණක් නොව පාරිසරික ආරක්ෂණය, අධ්‍යාපනික දියුණුව ආදී දේශයේ සංවර්ධනය උදෙසා ද දායකවීමට අවස්ථාව උදා වේ. එබැවින් මේ ලැබී ඇති මහගු අවස්ථාව ඵලදායි අයුරින් යෙදවීම ට අප සැම අරමුණු කරගත යුතු ය.

 

Volunteerism with Unity in Diversity For a Better Tomorrow 🇱🇰

Celebrating the 72nd Independence day of Sri Lanka, it is the time for us to pay our gratitude to the heroes of our motherland. After a series of invasions of Portuguese, Dutchmen and Englishmen and a series of Sinhalese battles to rescue the country, we recieved the Independence on the 04th of February 1948. Sri Lanka then faced another civil war where our bravest young soldiers sacrificed their lives in the name of the motherland.
However it is tragic to realize that Sri Lanka is still under the category of a developing nation. As the young blood of the country it is our duty and responsibility to serve our motherland for a better tomorrow. I believe Rotaract is one such platform to attain development while making memories.
Even though the world says it is classified as caste and creed, Rotaractors consider it not as a division but as a strength. Rotaract seeks for new dimensions for the betterment of the nation and genuinely help those who are in need. It is a pleasure to write that I was able to make such new friends from every creed and culture who are with same humanitarian qualities. The four avenues of Rotaract aid the society in numerous ways.

Club services avenue makes effort to create support, understanding and unity of its members where the potential energy of all members can aid the overall society a thousand times greater than that of the individual. The Community services avenue will ensure sustainable development, advancement of society as a whole, stable bond and wellbeing among each other. Professional development avenue undertakes action to build and develop knowledge,skills, leadership, and team work of the society. Furthermore, the international service avenue spreads the culture of our country to the world and find many new friendships and international relationships, advancement of tourism and technology while facilitating world peace.


Being a Rotaractor therefore helps a person not only in their personal development, but also in the development of the nation in numerous ways such as conservation of eco-system, upgrading education, unity and wellbeing. Individually we may be one drop but together we can be an ocean. Therefore, we should aim to use this great opportunity in its most effective way to create a better tomorrow.

 

ஒரு சிறந்த எதிர்காலத்திற்க்கான பன்முகத்தன்மை மற்றும் ஒற்றுமையுடம் கூடிய தன்னார்வத்தொண்டு 🇱🇰

இலங்கையின் 72 வது சுதந்திர தினத்தை கொண்டாடும் வகையில், நமது தாய்நாட்டின் வீரர்களுக்கு எங்கள் நன்றியைத் தெரிவிக்கும் நேரம் இது! போர்த்துகீசியம், டச்சுக்காரர்கள் மற்றும் ஆங்கிலேயர்கள் மீது தொடர்ச்சியான படையெடுப்புகள் மற்றும் நாட்டை மீட்பதற்கான தொடர்ச்சியான சிங்கள போர்களுக்குப் பிறகு, 1948 பிப்ரவரி 04 ஆம் திகதி சுதந்திரத்தைப் பெற்றோம். இலங்கை மற்றொரு உள்நாட்டுப் போரை எதிர்கொண்டது, அங்கு எங்கள் துணிச்சலான இளம் வீரர்கள் தங்கள் உயிரைத் தியாகம் செய்தனர்.


எவ்வாறாயினும், இலங்கை இன்னும் வளரும் தேசங்களின் பிரிவின் கீழ் உள்ளது கவலையலிக்கிறது. நாட்டின் இளம் தலைமுறையாகிய நாங்கள் , ஒரு சிறந்த எதிர்காலத்திற்காக நம் தாய்நாட்டிற்கு சேவை செய்வது நமது கடமையும் பொறுப்பும் ஆகும். அந்த வகையில் நாட்டின் வளர்ச்சிக்கு உதவுவதற்கு ரோட்டராக்ட் ஒரு உகந்த தளம் என்று நான் நம்புகிறேன். உலகம் சாதி, மதம் என இரு பிரிவுகளாக பிரிந்து இருப்பினும் ரோட்டராக்டர்களாகிய நாங்கள் பலம் எனும் ஒரு பிரிவாகவே இதை கருதுகிறோம். ரோட்டராக்ட் தேசத்தின் முன்னேற்றத்திற்காக புதிய வழிகளை தேடுகிறது மற்றும் உதவி தேவைப்படுபவர்களுக்கு உண்மையாக உதவுகிறது. ஒரே மனிதாபிமான குணங்களைக் கொண்ட வெவ்வேறு மதம் மற்றும் கலாச்சாரத்திலிருந்து எம்மைப்போன்ற புதிய நண்பர்களை என்னால் உருவாக்க முடிந்ததில் மகிழ்ச்சி. ரோட்டராக்டின் நான்கு வகையான குழு சமூகத்திற்கு பல வழிகளில் உதவுகின்றன.

கிளப் சர்வீசஸ் குழு அதன் உறுப்பினர்களின் ஆதரவு, புரிதல் மற்றும் ஒற்றுமையை உருவாக்க முயற்சி செய்கிறது, அங்கு அனைத்து உறுப்பினர்களின் சாத்தியமான ஆற்றலும் ஒட்டுமொத்த சமுதாயத்திற்கு தனிநபரை விட ஆயிரம் மடங்கு அதிகமாக உதவும். சமூக சேவைகள் குழு நிலையான வளர்ச்சி, ஒட்டுமொத்த சமூகத்தின் முன்னேற்றம், நிலையான பிணைப்பு மற்றும் ஒருவருக்கொருவர் நல்வாழ்வை உறுதி செய்யும். அறிவு மற்றும் திறன்கள், தலைமைத்துவம், சமுதாயத்தின் குழுப்பணி ஆகியவற்றை உருவாக்குவதற்கும் மேம்படுத்துவதற்கும் தொழில்முறை மேம்பாட்டு குழு நடவடிக்கை எடுக்கிறது. மேலும், சர்வதேச சேவை குழு நம் நாட்டின் கலாச்சாரத்தை உலகிற்கு பரப்புகிறது மற்றும் பல புதிய நட்புகளையும் சர்வதேச உறவுகளையும், சுற்றுலா மற்றும் தொழில்நுட்ப முன்னேற்றத்திற்கும் உலக அமைதிக்கும் பங்கு வகிக்கிறது.
எனவே ஒரு ரோட்டராக்டராக இருப்பது ஒரு நபரின் தனிப்பட்ட வளர்ச்சியில் மட்டுமல்லாமல், சுற்றுச்சூழல் அமைப்பைப் பாதுகாத்தல், கல்வியை மேம்படுத்துதல், ஒற்றுமை மற்றும் நல்வாழ்வு போன்ற பல வழிகளில் தேசத்தின் வளர்ச்சியிலும் உதவுகிறது. தனித்தனியாக நாம் ஒரு துளியாக இருக்கலாம், ஆனால் ஒன்றுப்பட்டால் நாம் ஒரு பெரும் சமுத்திரமாக மாறலாம். ஆகையால், நாம் இந்த வாய்ப்பை சரியான வகையில் பயன்படுத்துவதன் மூலம் ஒரு சிறந்த எதிர்காலத்தை உருவாக்கலாம்.

 

Written by –

Rtr. Hansi Edirisinghe
Co-editor 2019/20

Tamil translation by- Rtr. S. Shadurshan

 

Leave a comment

Website Powered by WordPress.com.