අද ගැටලු ඇති කරන්නෙකුගේ දවසක්!💥
ඔව් !! අද ඡූලි 18. හරියටම 1918 ජූලි 18 වෙනිදා දකුණු අප්‍රිකාවේ තෙම්බු රාජකීය ගෝත්‍රික පවුලක දිලිසෙන අදුරු පාට කලු කොල්ලෙක් උපත ලබනවා. පවුලේ උදවිය විසින් මොහුට තබන ලද නම තමයි “රොලීලා”. ක්සෝසා භාෂාවෙන් නම් මෙහි තේරුම ‘ගැටළු නිර්මාණය කරන්නා’ ලෙසට තමයි සදහන් වන්නේ. පසුකාලීනව නෙල්සන් රොලීලා මැන්ඩෙලා නමින් ලොව පුරා අති මහත් ජනාදරයට පාත්‍ර වන්නේ මොහුයි. ඔහුගේ උපන් දිනය පාත්‍ර කරගනිමින් අද දිනය මැන්ඩෙලා දිනය ලෙසට හැදින්වීමට ප්‍රථමවරට ඒකමතිකව තීරණය කළේ 2009 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී . සාමාන්‍ය ක්‍රමවේදය අනුව තනි පුද්ගලයෙක් වෙනුවෙන් දිනක් වෙන් කිරීම අතිශය දුර්ලභ කාරණාවකි . කැලැන්ඩරයේ ඇති දිනකට එහා ගිය මැන්ඩෙලා දිනයේ අයිතිකරුගේ වැදගත්කම ඔබව පුදුමයට පත් කරාවි.!!
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව Fort Hare, Witwatersrand විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෙක් ලෙස අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිවියට පත් මෙම අප්‍රිකානු තරුණයා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සමග තම දේශපාලන ජීවිතය ආරම්භ කළා. මේ වන විටත් ලෝකය තුළ දැවෙන ගැටලුවක් බවට පත්ව ඇති වර්ණභේදවාදය එකල ප්‍රභලව පැවතුණා. මෙම වර්ණභේදවාදයට එරෙහිව තම දේශපාලන ගමන මෙහෙයවූ මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුළ සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස ක්‍රියා කළ අතර පසුකාලීනව එහි නායකයා බවට පත් වුණා..
“ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලුම බෙදීම් වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ ජීවිතේ පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා”
සැබවින්ම ඔහු වර්ණභේදවාදයට එරෙහිව නිදහස් සටනේ පෙරමුණේරාළ විය. දේපළ හානි හා අපරාධ වලට සම්බන්ධ වීම යන චෝදනා යටතේ 1962 වසරේ දී අත්අඩංගුවට ගත් මැන්ඩෙලා අනතුරුව රොබෙනිගලෑන්ඩ් දූපතේ සිරගත කරන ලදී.

1982 දක්වා වසර 27ක සිරගත දිවිය තුළ පසු කාලීනව බොහෝ අරගල මෙහෙයවීමට තරුණ ප්‍රජාවට පන්නරයක් වූ ඔහුගේ ජීවිත කතාව අකුරු බවට හැරවීමට ද එතුමා සමත් වුණා. පසුකාලීනව “Long Walk To Freedom” නමින් බොහෝ විප්ලවවාදීන්ගේ හැගීම් අවුල වන්නට මේ පොතට හැකිවුණා . මේ අතර මැන්ඩෙලා නාමයට ආදරය කරන බොහෝ ජනතාව ඔහුගේ නිදහස වෙනුවෙන් බොහෝ අරගල සංවිධානය කළා. අවසානයේ 1990 දි ජනාධිපතිව සිටි ඩි ක්ලාක්ගේ මැදිහත්වීමෙන් මැන්ඩෙලා වසර 27කට පසුව තම සිරකුටියෙ පිටත ලෝකය දැකීමට සමත් වුණා. තනියම නම් නෙවෙයි. ඔහු නිදහස් වන විට ඔහුගේ බිරිදව සිටි විනී මැන්ඩෙලාද දරුණු අරගලයකින් වන අනතුරුව ජයග්‍රාහී ලීලාවෙන් ඔහු සමඟ සිටිය
“ගේට්ටුවෙන් එළියට යන විට මම මගේ දකුණු අත මිටි කර එසෙව්වා. සෙනග මහ ඝෝෂාවක් නිකුත් කළා. වසර 27 කින් මා එවැන්නක් කර තිබුණේ නෑ. මට එක්වරම මහා ශක්තියක් සහ ප්‍රීතියක් දැනුනා.” ඔහු පසු කලෙක ඔහුගේ පොතේ පිටු අතර එම අවස්ථාව ද අමුණා තිබුණා.
ඒ වන විට ගැටළු ඇති කරන්නා සාමයේ පණිවිඩය දුන් තැනැත්තා ලෙසට තෙම්බු රාජකීය ගෝත්‍රිකයින් අතින් විරුදාවලිය ට ලක් වී අවසානයි. රොලීටා නාමය වෙනුවට “මෙඩිබා” ලෙසින් දකුණු අප්‍රිකාව ඔහුව අමතන්නට වුණා.1993 , නොබෙල් සාම ත්‍යාග ඔහු අතට පත් වූ වර්ෂය යි.1994 වසර වන විට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් මුල්ම ස්වදේශික ජනාධිපති ලෙසට පත් වීමට තරම් මෙඩිබා ප්‍රබලයෙක්ව සිටියා. ඔහුගේ රට තුළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් වර්ගවාදයෙන් තොර සාමකාමීත්වය වෙනුවෙන් කැප වී සිටියා .බොහෝ කලක් මුළුල්ලේ සුදු ජාතිකයින්ගේ මොළ තුළට කාවද්දා තිබූ ඇස් මානෙන් වෙන්කරගත් සුදු – කලු වර්ණාන්ධතාවය නොහොත් “කල්ලන් වහලුන් ලෙසින් දැකීම” වෙනස් කිරීමේ දැඩි ප්‍රයත්නයක ඔහු නිරත වී සිටියා. දශක සිය ගණනක් තිස්සේ අගතියට පත්ව හඬක් නොනගා සිටි තැලුනු ජනතාව සම පමණක් අදුරු වූ සොදුරු මිනිසුන් බවට පත්වුණා.
ඉතින් මෙවන් යුගයකදී මැන්ඩෙලා මරණය ඔවුන්ගේ හද කම්පා කරන්නක් බවට පත් වීම අරුමයක් නොවේද?? ජොහැන්ස්බර්ග් නිවස වටා රැස්ව ඔහු වෙනුවෙන් උගුරු ලේ රස වනතුරු ගී කියා ඉටිපන්දම් පත්තු කිරීමට තරම් ඔහු ඔවුන්ගේ වීරයා බවට පත්ව තිබුණා. “සාමදානයේ සැතපෙන්න මෙඩිබා” ඔවුන්ගේ කදුලු කතා කලේ එසේ පවසමින්.
ඔහු සදහටම යන්න යන විටත් දකුණු අප්‍රිකාවේ ඔහු පරිත්‍යාගයන් ගෙන් ගොඩනැගූ දේදුනු ජාතිකත්වය (Rainbow Nation) ගොඩනැංවී තිබුණා. හවුටන් මැදුර පමණක් නොව සියලුම ලෝකවාසීන් කම්පා කරමින් ඔහු 2013 දෙසැම්බර් 8 වන දින රාජ්‍ය ගෞරව මධ්‍යයයේ සදහටම නොඑන ගමන් ගොස් තිබුණා.
2009 වසරේ සිට සමරන මැන්ඩෙලා දිනය, 2020 ත් සැමරීමට කටයුතු සූදානම් කර ඇතිවාට සැකයක් නැත. මෙවර තේමාව ලෙස ‘සෑම දිනක්ම මැන්ඩෙලා දිනයක් බවට පත් කිරීමට හා වෙනසක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගන්න’ තෝරාගෙන ඇත.
Black Lives Matter යන තේමාව නැවත කරලියට ගෙන ආ 2020 මැයි 25 වන දින සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ,ඇමරිකානු ජාතික කළු තරුණයාගේ ඝාතනය කියාපෑවේ වර්ණභේදවාදයේ වියැකී නොගිය කලු පැල්ලම් ද???? නැවත එවැන්නක් නොවන්නට ඔබටත් මටත් කල හැකි දෑ නැතිද? සිතන්න…
ප්‍රේමයට, හැකියාවට, බලාපොරොත්තු වලට කලු සුදු පැහැයන් නොමැත .ඒවා වර්ණවත් හෝ අවර්ණ සුසංයෝගයන් ය. ඉතින් වර්ණයට එහා ගිය මනුෂ්‍යත්වය තුළින් ලෝකය දකිමු…
“වීරයින් යනු සාමය තනන්නන් හා ගොඩනගන්නන් ය…….”
Today is the day of a trouble maker!💥
Yes!! Today is July 18. Exactly on July 18, 1918, a glowing dark-skinned black boy was born into a Thembu royal family in South Africa. He was nicknamed “Rolila” by his family. In the Xhosa language, it meant ‘trouble maker’. He later became known around the world as Nelson Rolila Mandela. The first UN General Assembly meeting in 2009 unanimously decided to mark his birthday as Mandela Day. It is extremely rare to set aside a day for an individual in the normal way. You will be amazed at the importance of the owner of the Mandela Day beyond the day on the calendar!!
After completing schooling and then graduating from the Universities of Witwatersrand and Fort Hare, this young African man began his political career with the African National Congress. Racism, which has already become a burning issue in the world, was prevalent at the time. Mandela led his political journey against apartheid, became an armed politician in the African National Congress and later became its leader.
“I hate all divisions based on race at any time. I have fought against it all my life. I still fight it. I will do it until the last day of my life.”
In fact, he was at the forefront of the freedom struggle against apartheid. Mandela was arrested in 1962 on charges of property damage and involvement in crime and was subsequently imprisoned on the island of Robbenigaland.
Is it possible to imprison a person’s thoughts even if he is imprisoned???
During his 27 years in prison until 1982, he was able to turn his life story into letters, which later inspired the youth community to lead many struggles. Later, the book “Long Walk to Freedom” was able to confuse the feelings of many revolutionaries. Meanwhile, many people who loved Mandela’s name organized many struggles for his freedom. Finally, in 1990, with the intervention of President de Clarke, Mandela was able to see the world outside his prison after 27 years. Not alone. When he was released, his wife, Winnie Mandela, was also with him in a triumphant manner after a fierce struggle.
“As I walked out of the gate I raised my right hand and the crowd made a loud noise. I had not done so in 27 years. I felt great strength and joy at once.” He later attached that opportunity to the pages of his book.
By then, the troublemaker had been hailed by the royal tribes as the bearer of the message of peace. South Africa referred to him as “Mediba” instead of Rolita .The year 1993, the year he received the Nobel Peace Prize. By 1994, Mediba was strong enough to become the first indigenous president in a democratic election.He pursued a liberal economic policy in his country and was committed to peace without racism.He worked hard to change the white-and-black color blindness, or “seeing black people as slaves,” that had long been ingrained in the brains of whites.People who were oppressed and speechless for hundreds of years, became beautiful people who bared dark skin.
So isn’t it obvious that Mandela’s death becomes so heartbreaking in an era like this?? He had become their hero enough for people to gather around the Johannesburg house light candles and sing for him until their throats tasted blood. “Sleep in peace, Mediba,” their tears spoke. By the time he left, he had built a rainbow nation in South Africa out of his donations. On December 8, 2013, he passed away in the midst of state honors, shocking not only Houghton Palace but the entire world.
Mandela Day, which has been celebrated since 2009, is no doubt set to be celebrated in 2020 as well. The theme this time is ‘Take action, inspire change and make every day a Mandela day’.
George Floyd, who revived the theme of Black Lives Matter on May 25, 2020, claimed that the assassination of the American black youth was an indelible black mark on apartheid???? Is there anything you and I can do to prevent it from happening again? Think….
There is no black and white for love, ability and hope. They are colorful or colorless combinations. So let’s see the world through humanity beyond color…
“Peacemakers and builders are Heroes indeed…..”
அமைதி நாள்!💥
இன்று ஒரு பிரச்சனையாளரின் நாள். ஆம்!! இன்று ஜூலை 18. சரியாக ஜூலை 18, 1918 அன்று, தென்னாப்பிரிக்காவில் ஒரு தெம்பு அரச குடும்பத்தில் ஒளிரும் இருண்ட நிறமுள்ள கருப்பு சிறுவன் பிறந்தான். அவரது குடும்பத்தினரால் அவருக்கு “ரோலிலா” என்று செல்லப்பெயர் சூட்டப்பட்டது. ஹோசா மொழியில், இது ‘சிக்கலை உருவாக்குபவர்’ என்று பொருள். பின்னர் அவர் நெல்சன் ரோலிலா மண்டேலா என்று உலகம் முழுவதும் அறியப்பட்டார். 2009 ல் நடந்த முதல் ஐ.நா பொதுச் சபைக் கூடந்தனில் அவரது பிறந்த நாளை மண்டேலா தினமாகக் குறிக்க ஒருமனதாக முடிவு செய்தது. ஒரு நபருக்கு ஒரு நாளை சாதாரண வழியில் ஒதுக்குவது மிகவும் அரிது. மண்டேலா தின உரிமையாளரின் முக்கியத்துவத்தைப் பார்த்து நீங்கள் ஆச்சரியப்படுவீர்கள் !!
பள்ளிப்படிப்பை முடித்துவிட்டு, விட்வாட்டர்ஸ்ராண்ட் மற்றும் ஃபோர்ட் ஹேர் பல்கலைக்கழகங்களில் பட்டம் பெற்ற பிறகு, இந்த இளைஞன் ஆப்பிரிக்க தேசிய காங்கிரஸுடன் தனது அரசியல் வாழ்க்கையைத் தொடங்கினார். ஏற்கனவே உலகில் எரியும் பிரச்சினையாக மாறியுள்ள இனவாதம், அந்த நேரத்தில் பரவலாக இருந்தது. மண்டேலா நிறவெறிக்கு எதிரான தனது அரசியல் பயணத்தை வழிநடத்தியது, ஆப்பிரிக்க தேசிய காங்கிரசில் ஆயுதமேந்திய அரசியல்வாதியாகி பின்னர் அதன் தலைவரானார்.
“நான் எந்த நேரத்திலும் இனத்தின் அடிப்படையில் அனைத்து பிரிவுகளையும் வெறுக்கிறேன். நான் என் வாழ்நாள் முழுவதும் அதற்கு எதிராகப் போராடினேன். நான் இன்னும் அதை எதிர்த்துப் போராடுகிறேன். என் வாழ்க்கையின் கடைசி நாள் வரை அதைச் செய்வேன்.”
உண்மையில், நிறவெறிக்கு எதிரான சுதந்திர போராட்டத்தில் அவர் முன்னணியில் இருந்தார். சொத்து சேதம் மற்றும் குற்றத்தில் ஈடுபட்ட குற்றச்சாட்டின் பேரில் மண்டேலா 1962 இல் கைது செய்யப்பட்டார், பின்னர் ராபெனிகலாண்ட் தீவில் சிறையில் அடைக்கப்பட்டார்.
ஒரு நபர் சிறையில் அடைக்கப்பட்டிருந்தாலும் அவரின் எண்ணங்களை சிறையில் அடைக்க முடியுமா ???
ஒரு நபர் சிறையில் அடைக்கப்பட்டிருந்தாலும் அவரின் எண்ணங்களை சிறையில் அடைக்க முடியுமா ???
1982 வரை அவரது 27 ஆண்டு சிறைவாசத்தின் போது, அவர் தனது வாழ்க்கை கதையை கடிதங்களாக மாற்ற முடிந்தது, இது பின்னர் இளைஞர் சமூகத்தை பல போராட்டங்களுக்கு வழிநடத்த தூண்டியது. பின்னர், “சுதந்திரத்திற்கு நீண்ட நடை” என்ற புத்தகம் பல புரட்சியாளர்களின் உணர்வுகளை குழப்ப முடிந்தது. இதற்கிடையில், மண்டேலாவின் பெயரை நேசித்த பலர் அவரது சுதந்திரத்திற்காக பல போராட்டங்களை ஏற்பாடு செய்தனர். இறுதியாக, 1990 ஆம் ஆண்டில், ஜனாதிபதி டி கிளார்க்கின் தலையீட்டால், மண்டேலா 27 ஆண்டுகளுக்குப் பிறகு தனது சிறைக்கு வெளியே உலகைக் காண முடிந்தது. தனியாக இல்லை. அவர் விடுவிக்கப்பட்டபோது, அவரது மனைவி வின்னி மண்டேலாவும் கடுமையான போராட்டத்தின் பின்னர் வெற்றிகரமான முறையில் அவருடன் இருந்தார்.
“நான் வாயிலிலிருந்து வெளியேறும்போது என் வலது கையை உயர்த்தினேன், கூட்டம் ஒரு பெரிய சத்தம் எழுப்பியது. 27 ஆண்டுகளில் நான் அவ்வாறு செய்யவில்லை. ஒரே நேரத்தில் மிகுந்த பலத்தையும் மகிழ்ச்சியையும் உணர்ந்தேன்.” பின்னர் அவர் அந்த வாய்ப்பை தனது புத்தகத்தின் பக்கங்களுடன் இணைத்தார்.
அதற்குள், பிரச்சனையாளரை அரச பழங்குடியினர் சமாதான செய்தியைத் தாங்கியவர் என்று பாராட்டினர். தென்னாப்பிரிக்கா அவரை ரோலிடாவுக்கு பதிலாக “மெடிபா” என்று குறிப்பிட்டது. 1993 ஆம் ஆண்டு அவர் அமைதிக்கான நோபல் பரிசு பெற்ற ஆண்டு. 1994 இல், மெடிபா ஒரு ஜனநாயகத் தேர்தலில் முதல் சுதேச ஜனாதிபதியாகும் அளவுக்கு வலிமையாக இருந்தார். அவர் தனது நாட்டில் தாராளமய பொருளாதாரக் கொள்கையைப் பின்பற்றினார், இனவெறி இல்லாமல் அமைதிக்கு உறுதியளித்தார். வெள்ளை மற்றும் கருப்பு நிற குருட்டுத்தன்மையையும் கறுப்பின மக்களை அடிமைகளாகப் பார்க்கும் எண்ணத்தையும் மாற்ற அவர் கடுமையாக உழைத்தார். நூற்றுக்கணக்கான ஆண்டுகளாக ஒடுக்கப்பட்ட மற்றும் பேசாத மக்கள், இருண்ட தோலைத் தாங்கிய அழகான மனிதர்களாக மாறினர்.
எனவே இது போன்ற ஒரு சகாப்தத்தில் மண்டேலாவின் மரணம் மிகவும் மனம் உடைந்து போகிறது என்பது தெளிவாகத் தெரியவில்லையா ?? ஜோகன்னஸ்பர்க் வீட்டின் ஒளி மெழுகுவர்த்திகளைச் சுற்றி மக்கள் கூடிவருவதற்கும், அவர்களின் தொண்டை இரத்தத்தை ருசிக்கும் வரை அவருக்காகப் பாடுவதற்கும் அவர் அவர்களின் ஹீரோவாகிவிட்டார். “மெடிபா, நிம்மதியாக தூங்கு” என்று அவர்களின் கண்ணீர் பேசியது. அவர் வெளியேறும் நேரத்தில், அவர் நன்கொடைகளில் இருந்து தென்னாப்பிரிக்காவில் ஒரு வானவில் தேசத்தை கட்டியிருந்தார். டிசம்பர் 8, 2013 அன்று, ஹவுட்டன் அரண்மனை மட்டுமல்ல, உலகம் முழுவதையும் அதிர்ச்சிக்குள்ளாக்கிய அவர் மாநில மரியாதையின் போது காலமானார்.
2009 முதல் கொண்டாடப்படும் மண்டேலா தினம் 2020 ஆம் ஆண்டிலும் கொண்டாடப்பட உள்ளது என்பதில் சந்தேகமில்லை. இந்த முறை மண்டேலா தினதின் கருப்பொருள் ‘நடவடிக்கை எடுங்கள், மாற்றத்தை ஊக்குவிக்கவும், ஒவ்வொரு நாளும் ஒரு மெண்டெலா நாளாக மாற்றவும்‘.
மே 25, 2020 அன்று பிளாக் லைவ்ஸ் மேட்டரின் கருப்பொருளைப் புதுப்பித்த ஜார்ஜ் ஃபிலாய்ட், அமெரிக்க கறுப்பின இளைஞர்களின் படுகொலை நிறவெறியின் மீது அழியாத கருப்பு அடையாளமாக இருப்பதாகக் கூறினார் ???? இது மீண்டும் நிகழாமல் தடுக்க நீங்களும் நானும் ஏதாவது செய்ய முடியுமா? சிந்தியுங்கள் …
அன்பு, திறன் மற்றும் நம்பிக்கைக்கு கருப்பு மற்றும் வெள்ளை இல்லை. அவை வண்ணமயமான அல்லது நிறமற்ற சேர்க்கைகள். எனவே வண்ணத்திற்கு அப்பாற்பட்ட மனிதநேயத்தின் மூலம் உலகைப் பார்ப்போம் …
“சமாதானம் செய்பவர்களும் அதனை உருவாக்குபவர்களும் உண்மையில் ஹீரோக்கள்”
Written By: Rtr. Udara Jayasekara (Member 2020/21)
English Translation : Rtr.Sakuni Galappaththi (Co. Editor 2020/21)
Tamil Translation : Rtr.Lathushanan Koneswara (Co. Editor 2020/21)