සැඟව ගිය විශේෂ ඔක්තෝබරය ~The Faded October ~ மறைந்த அக்டோபர்

ලෝකවාසී සියලු දෙනා කොවිඩ් වෛරසය නිසා බියෙන් ඇලලී ඇති මොහොතක මෙවන් මාසයක් උදාවීම ගැන ප්‍රථමයෙන්ම කණගාටු වෙමි. සරත් සෘතුවට හිමිකම් කියන ඔක්තොම්බර් මාසය ශීත සෘතුවට පාර කියන ඉතා අලංකාර මාසයකි.බොහෝ රටවල තුරුලතා වල කහ පැහැයට හැරී සුළගේ විසිරී යන්නේ මේ මාසයේ දී ය. මෙම ඔක්තොම්බර් මාසය ගෙන බැලූ කල ලෝකවාසී අප සැම හට ඉතා විශේෂ දින රාශියක් ද මෙම මසට යෙදී තිබේ.

O9

මෙම මස ආරම්භයේදීම එනම් ඔක්තොම්බර් පළමුවෙනිදා යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය එයින් ප්‍රමුඛ තැනක් ගනී. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ළමා හා වැඩිහිටි ප්‍රජාව නියෝජනය කරයි. ළමුන් යනු රටේ අනාගතය වන අතර වැඩිහිටියන් යනු ළමුන්ට යහමඟට යන්න පාර කියන පිරිසකි. 1955 ඔක්තෝම්බර් මස 01 වන දින මුලු ලෝකයම එක්ව ප්‍රථම වරට ලෝක ළමා දිනය සමරා ඇත. එමෙන්ම ලෝක වැඩිහිටි දිනය මෙවර සැමරුවේ “වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන පාඨය පෙරදැරිවය.

O18

අප රටේ අසල්වාසියා වන ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ඨ සමාජයීය නායකයකු වන මහත්මා ගාන්ධි තුමාගේ උපන්දිනය යෙදී ඇත්තේද ඔක්තොම්බර් මස 2 වනි දිනටයි.ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියා ලෙස කටයුතු කළ මෙතුමා සත්‍යග්‍රහ දර්ශනයේද පුරෝගාමියා විය. අයහපත් දේ වෙනුවෙන් පෙනීසට එයට විරුද්ධත්වය පෑම හා සත්‍යය වෙනුවෙන් නැගී සිටීම උදෙසා අවිහිංසාවාදීව ගෙන ගිය සටන තුළින් ඉන්දියාව නිදහසේ මාවතට පිවිසි අතර සිවිල් අයිතීන් හා නිදහස පිළිබඳ ලෝකයාගේ සිත් තුළට කා වැද්දීමට ගාන්ධිතුමාට හැකි විය. ඉන්දියානුවන් ජාතියේ පියා ලෙසද මෙතුමාව හඳුන්වන්නේ ඒ මහත් වූ සේවාවාන් නිසාය.

O28

ගුරුවරුන් යනු දෙවියන්ය. අප දෙමාපියන්ගෙන් පසු සියලු දේ ඉගෙන ගන්නේ ගුරුවරුන් මඟිනි.එවන් ශ්‍රේෂ්ඨ පිරිසක් මුල් කර සෑදුනු දිනයද තිබෙන්නේ ඔක්තොම්බර් මාසයේදීමය.එනම් ඔක්තොම්බර් 5 වෙනි දාය.මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ “තිරසාර සමාජයක් ගොඩනැඟීමට ගුරුවරුන් සවිබල ගන්වමු” යන්නයි.

O27

146 වන ලෝක තැපැල් දිනය යෙදී තිබුනේද ඔක්තොම්බර් මස 9 වන දිනටය.1874 දී ලෝකයේ රටවල් 22 ක නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයට රැස් ව සාමාන්‍ය තැපැල් සංගමය පිහිටුවීමට ලියවිල්ලකට අත්සන් තබන ලදී. එයින් මේ දිනය ආරම්භ විය.තැපැල් සේවය මගින් ලෝකයේ විවිධ ප්‍රදේශ වෙසෙන ජනතාව අතර සන්නිවේදනයක් පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනය ද සිදු වේ.ලංකාවේ ඉතා පැරණිම දෙපාර්තමේන්තු අතරට තැපැල් දෙපාර්තමේන්තුව ද අයත් වේ.

වර්තමානයේ මානසික සෞඛ්‍ය පිරිහීම වේගයෙන් ව්‍යප්ත වන බැවින්, ඒ පිළිබඳ ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තෝබර් 10 වැනි දා ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කරන ලදී. “සැමට යහපත් මානසික සෞඛ්‍යයක්” යන තේමාව පෙරදැරිව මෙම වසරේද එම දිනය සැමරීම සිදු කෙරුණි.

O29

වර්තමානයට බෙහෙවින්ම අදාල දිනයක් වන ලෝක දෑත් සේදීමේ අන්තර්ජාතික දිනයද මෙම මස 15 වන දිනට යෙදී ඇත. සබන් යොදා නිවැරදිව අත් සේදීම අපට ලෙඩ රෝග වලින් ඈත් වීමට ඇති හොඳම පියවර ලෙස දක්වා මෙම දිනය ගෙනහැර දක්වා ඇති අතර වර්තමානය වන විට මෙම දිනයේ අගය සැමටම සක්සුදක් සේ දැනී අවසන්ය. “සැමට සනීපාරක්ෂාව” යන්න මෙවර මෙම දිනයේ තේමාවයි.

සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලැබේ. ඒ, 1945 වසරේ දී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම අනුස්මරණය කිරීමටය. මෙවර ලෝක ආහාර දිනය සමරණු ලබන්නේ 75 වැනි වරටය. කුසගින්න සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැගීමේ දී ජයග්‍රහණය කළ යුතු අභියෝග පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ අවස්ථාවක් ලෙස ලෝක ආහාර දිනය යොදා ගැනෙනු ඇත.මෙම වසරේ එහි තේමාව “වැඩෙන්න, පෝෂණය කරන්න, පවත්වා ගන්න. අපේ ක්‍රියාව අපේ අනාගතයයි. ” යන්නයි.

දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේද ඔක්තොම්බර් මස 17 වන දිනටයි.කොරෝනා වසංගතය හමුවේ බොහෝ මිනිසුන්ට තමන්ගේ රැකියා අහිමි වී ඇත. එම නිසා වෙනදාටත් වඩා මෙම දිනය ගැන අවදානය යොමු කිරීම වටී.”සැමට සමාජ හා පාරිසරික යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කරමු” යන්න මෙම වසරේ එහි තේමාවයි.

එක්සත් ජාතීන්ගේ දිනය ද මෙම මස 24 වන දිනට යෙදී ඇත.ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බලවත්ම සංවිධානය ලෙස සැලකෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.ඔවුන් මෙම වසරේ සමරනු ලැබුවේ තම 75 වන සංවත්සරයයි.ඔක්තොම්බර් 24 වන දින එක්සත් ජාතීන්ගේ දිනය ලෙස සැලකෙන්නේ 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සනිටුහන් කිරීම සඳහා ය. ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම හා විශාලතම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

ලෝක ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමයන්ගේ දිනය ඔක්තොම්බර් මස 27 ත් වන දිනට යෙදී ඇත.මෙම දිනය යුනෙස්කෝව විසින් 2005 වර්ෂයේ සිට නම් කල අතර “ඔබේ කවුළුවෙන් ලෝකයට” යන්න මෙවර එහි තේමාවයි.

මෙවන් වටීනා දින සහ ඊට අදාළ වැඩසටහන් රාශියක් මෙම මස ලොවට අහිමිව ගිය අතර ඉතාමත් ඉක්මනින් මුලු ලොවම නැවත යථාතත්වයට පත්වේවායි පතමින් නිහඬ වෙමි.

O14

First of all, I am worried that such a month has dawned at a time when everyone in the world is terrified of the Covid virus. The month of October is a beautiful month that marks the beginning of winter. This month of October also has many special days for all of us around the world.

O11

At the beginning of this month, on the 1st of October, World Children’s Day and World Elders’ Day take center stage. A significant portion of the world’s population represents the child and adult community. Children are the future of the country and adults are the ones who guide children to the right path. On October 1, 1955, the whole world celebrated World Children’s Day for the first time. Also, World Elders’ Day was celebrated this year with the theme “Elderly Challenges in the Face of Epidemics”.

The birthday of the great social leader of our neighbor India, Mahatma Gandhi, falls on the 2nd of October. Through his non-violent struggle to stand up against what is evil and to stand up for the truth, India entered the path of freedom and Gandhi was able to inculcate civil rights and freedom in the minds of the world. He is also known by the Indians as the Father of the Nation because of his great service.

Teachers are God. After parents, we learn everything from our teachers. The day to celebrate such a great group was formed in October. The theme of this year’s World Teachers’ Day is “Teachers: Leading in crisis, reimagining the future”.

O26

The 146th World Postal Day also fell on October 9. In 1874, representatives from 22 countries met in Bern, Switzerland, and signed a document to establish the General Postal Union. This is how the day began. The Postal Service not only communicates with people around the world but also transports goods. The Postal Department is one of the oldest departments in Sri Lanka.

October 10 is designated as World Mental Health Day by the United Nations to raise awareness of the world’s mental health crisis. This year too, the day was celebrated under the theme “Good Mental Health for All”.

O30

The 15th of this month is also the International Day of Handwashing, which is very relevant for present. This day has been cited as the best step we can take to get rid of diseases by washing our hands properly with soap and today the value of this day has been felt by all. “Hygiene for all” is the theme of this day.

O37

World Food Day is celebrated on October 16 every year. It commemorates the introduction of the Food and Agriculture Organization by the United Nations in 1945. This year falls the 75th World Food Day. World Food Day will be used as an opportunity to raise awareness of the challenges that need to be overcome in building a world free of hunger and malnutrition.

October 17 is International Day for the Eradication of Poverty. Many people have lost their jobs in the wake of the Corona epidemic. Therefore, it is worthwhile to pay more attention to this day than ever before.

United Nations Day also falls on the 24th of this month. The United Nations is considered to be the most powerful organization in the world for the sake of world peace. They celebrated their 75th anniversary this year which marked the official declaration of the United Nations. The United Nations is the only and largest organization in the world working for world peace.

O32

World Audio Visual Heritage Day falls on October 27. This day has been named by UNESCO since 2005 and its theme this time is “From Your Window to the World”.

The world lost the chance to celebrate many such precious days and related events of this month and I hereby remain silent, hoping that the whole world will recover sooner rather than later.

O2

முதலில், உலகில் எல்லோரும் கோவிட் வைரஸால் பயந்துபோகும் நேரத்தில் இதுபோன்ற ஒரு மாதம் வந்துவிட்டது என்று நான் கவலைப்படுகிறேன். அக்டோபர் மாதம் குளிர்காலத்தின் தொடக்கத்தைக் குறிக்கும் ஒரு அழகான மாதம். இந்த அக்டோபர் மாதத்தில் உலகெங்கிலும் உள்ள நம் அனைவருக்கும் பல சிறப்பு நாட்கள் உள்ளன.

O10

இந்த மாத தொடக்கத்தில், அக்டோபர் 1 ஆம் திகதி, உலக குழந்தைகள் தினம் மற்றும் உலக முதியோர் தினம் முதலில் வருகின்றன. உலக மக்கள்தொகையில் ஒரு குறிப்பிடத்தக்க பகுதி குழந்தை மற்றும் வயது வந்தோர் சமூகத்தை குறிக்கிறது. குழந்தைகள் நாட்டின் எதிர்காலம் மற்றும் பெரியவர்கள் குழந்தைகளை சரியான பாதையில் வழிநடத்துகிறார்கள். அக்டோபர் 1, 1955 அன்று, உலகம் முழுவதும் முதல்முறையாக உலக குழந்தைகள் தினம் கொண்டாடப்பட்டது. மேலும், இந்த ஆண்டு உலக முதியோர் தினம் “தொற்றுநோயால் முதியோர்கள் எதிர்கொள்ளும் சவால்கள்” என்ற கருப்பொருளுடன் கொண்டாடப்பட்டது.

O19

நமது அண்டைய நாடான இந்தியாவின் சிறந்த சமூகத் தலைவரான மகாத்மா காந்தியின் பிறந்த நாள் அக்டோபர் 2 ஆம் திகதி வருகிறது. தீமைக்கு எதிராக எழுந்து சத்தியத்திற்காக நிற்க தனது அகிம்சை போராட்டத்தின் மூலம், இந்தியா சுதந்திரப் பாதையில் நுழைந்தது, காந்தியால் சிவில் உரிமைகள் மற்றும் சுதந்திரத்தை உலக மனதில் வளர்க்க முடிந்தது. அவரது சிறந்த சேவையின் காரணமாக அவர் இந்தியர்களால் தேசத்தின் தந்தை என்றும் அழைக்கப்படுகிறார்.

ஆசிரியர்கள் கடவுள். பெற்றோருக்குப் பிறகு, நாங்கள் எங்கள் ஆசிரியர்களிடமிருந்து எல்லாவற்றையும் கற்றுக்கொள்கிறோம். இவ்வளவு பெரிய குழுவைக் கொண்டாடும் நாள் அக்டோபரில் உருவாக்கப்பட்டது. இந்த ஆண்டு உலக ஆசிரியர் தினத்தின் கருப்பொருள் “ஒரு நிலையான சமூகத்தை உருவாக்க ஆசிரியர்களுக்கு அதிகாரம் அளித்தல்” என்பதாகும்.

146 வது உலக அஞ்சல் தினமும் அக்டோபர் 9 ஆகும். 1874 ஆம் ஆண்டில், 22 நாடுகளின் பிரதிநிதிகள் சுவிட்சர்லாந்தின் பெர்னில் சந்தித்து பொது அஞ்சல் ஒன்றியத்தை நிறுவுவதற்கான ஆவணத்தில் கையெழுத்திட்டனர். இந் நாள் இவ்வாறே தொடங்கியது. தபால் சேவை உலகெங்கிலும் உள்ள மக்களுடன் தொடர்புகொள்வது மட்டுமல்லாமல் பொருட்களையும் கொண்டு செல்கிறது. தபால் துறை இலங்கையின் மிகப் பழமையான துறைகளில் ஒன்றாகும்.

உலகின் மனநல நெருக்கடி குறித்த விழிப்புணர்வை ஏற்படுத்துவதற்காக ஐக்கிய நாடுகள் சபையால் அக்டோபர் 10 உலக மனநல தினமாக அறிவிக்கப்பட்டது. இந்த ஆண்டும், “அனைவருக்கும் நல்ல மன ஆரோக்கியம்” என்ற கருப்பொருளின் கீழ் இந்நாள் கொண்டாடப்பட்டது.

O8

இந்த மாதம் 15 ஆம் தேதி சர்வதேச கை கழுவுதல் தினமாகும், இது தற்போது மிகவும் பொருத்தமானது. சவக்காரம் பயன்படுத்தி கைகளை சரியாக கழுவுவதன் மூலம் நோய்களிலிருந்து விடுபட நாம் எடுக்கக்கூடிய சிறந்த படியாக இந்த நாள் குறிப்பிடப்பட்டுள்ளது, இன்று இந்த நாளின் மதிப்பு அனைவராலும் உணரப்பட்டுள்ளது. “அனைவருக்கும் சுகாதாரம்” என்பது இந்த நாளின் கருப்பொருள்.

O36

ஒவ்வொரு ஆண்டும் அக்டோபர் 16 அன்று உலக உணவு தினம் கொண்டாடப்படுகிறது. இது 1945 இல் ஐக்கிய நாடுகள் சபையால் உணவு மற்றும் வேளாண்மை அமைப்பை அறிமுகப்படுத்தியதை நினைவுகூர்கிறது. இந்த ஆண்டு 75 வது உலக உணவு தினமாகும். பசி மற்றும் ஊட்டச்சத்து குறைபாடு இல்லாத உலகைக் கட்டியெழுப்புவதில் சமாளிக்க வேண்டிய சவால்களைப் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்துவதற்கான வாய்ப்பாக உலக உணவு தினம் பயன்படுத்தப்படும்.

அக்டோபர் 17 வறுமை ஒழிப்புக்கான சர்வதேச நாள். கொரோனா தொற்றுநோயை அடுத்து பலர் வேலை இழந்துள்ளனர். எனவே, முன்பை விட இந்த நாளில் அதிக கவனம் தேவைப்பட்டது.

ஐக்கிய நாடுகள் தினமும் இந்த மாதம் 24 ஆம் திகதியாகும். உலக அமைதிக்காக ஐக்கிய நாடுகள் சபை உலகின் மிக சக்திவாய்ந்த அமைப்பாக கருதப்படுகிறது. ஐக்கிய நாடுகள் சபையின் உத்தியோகபூர்வ அறிவிப்பைக் குறிக்கும் அவர்கள் 75 வது ஆண்டு விழாவை இந்த ஆண்டு கொண்டாடினர். உலக அமைதிக்காக உழைக்கும் உலகின் ஒரே மற்றும் மிகப்பெரிய அமைப்பு ஐக்கிய நாடுகள் சபை.

O34

உலக ஆடியோ விஷுவல் ஹெரிடேஜ் தினம் அக்டோபர் 27 ஆகும். இந்த நாளுக்கு 2005 ஆம் ஆண்டு யுனெஸ்கோ ஆல் பெயரிடப்பட்டது, அதன் இவ்வாண்டிற்கான கருப்பொருள் “உங்கள் சாளரத்திலிருந்து உலகிற்கு”.

இதுபோன்ற பல விலைமதிப்பற்ற நாட்கள் மற்றும் அதனுடன் தொடர்புடைய நிகழ்வுகளை உலகம் இவ்வாண்டில் இழந்தது, இதன்மூலம் நான் அமைதியாக இருக்கிறேன், முழு உலகமும் விரைவில் இயல்பு நிலைக்கு திரும்பும் என்று நம்புகிறேன்.

O15
Written by : Rtr.Charith Dabare (Member 2020/21)
English Translation : Rtr.Sakuni Galappaththi (Co Editor 2020/21)
Tamil Translation : Rtr.Lathushanan Koneswara ( Co Editor 2020/21)

O7

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s