“අහසින් වැටෙන එක් ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයයව්”
–මහා පරාක්‍රමබාහු රජු–
ජල සම්පත මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය කළමනාකරණය සහ සුරකෂිතතාව සම්බන්ධව සුවිශේෂ අවධානයකින් කටයුතු කොට ඇත. එමෙන්ම නවමු ජල සංරක්ෂණය සංකල්ප වඩාත් දියුණු කරමින් ජනතාවට ප්‍රතිලාභ සැලසූ විශිෂ්ට වාරි ඉතිහාසයක් අප රට තුළ තිබුණි. එහෙත් අද වන විට සමස්ත ලෝකයේ මෙන්ම අප රටේද ඉරණම කේදජනකය. මෙයට යම්තාක් හෝ පිලියමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාව විසින් 1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු මස 22 දින ලෝක ජල දිනය සැමරීමට තීරණයක් ගන්නා ලදී.මෙහිදී ජලය හා සම්බන්ධව ඇති විවිධ ගැටලු හා ප්‍රශ්න පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම, එම ගැටලු අවම කිරීම සඳහා ජනතාව යොමු කිරීම ආදී ක්‍රියා ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබයි. මෙම වසරේ ලෝක ජල දිනයේ තේමාව වන්නේ “ජලයේ වටිනාකම” යන්නයි.
ලෝකයේ ඇති ජල ප්‍රමාණයෙන් 97.5% වැනි ප්‍රමාණයක් කරදිය ජලය වේ. මිරිදිය ජලය ඇත්තේ 2.5% වැනි සුළු ප්‍රමාණයක් ය.එයිනුත් බොහෝ කොටසක් ඇත්තේ ග්ලැසියර තුල , හිම කඳු තුල,ජල වාෂ්ප, ගස්වැල් ආදියෙහිය. මිනිසාට භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය ලෝක ජල ප්‍රමාණයෙන් 0.29%ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයක් ය.2025 වන විට ලෝක ජනගහනයෙන් 2/3 ම ජලය හිඟ කම නිසා පීඩාවට ලක්වනු ඇතැයි ලෝක බැංකුව වාර්ථා කරයි.
ශ්‍රී ලංකාවේ ජලය හා සම්බන්ධ ප්‍රධාන ගැටලු කිහිපයක් වෙයි.ජල දූෂණය සහ ජල හිඟය ඉන් මූලිකය.මේවාට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රටේ පාලකයන් මෙන්ම රටවැසි ජනතාවමය.ලොව පුරා නාගරික ප්‍රදේශවල 80% ක් පමණ ජනතාවට පිරිසිදු ජලය නැත.ශ්‍රී ලංකාව ට ද එහි අවදානම ඇත.ජල මුලාශ්‍ර රැකගැනීම තවදුරටත් පමා කළහොත් එය නිවැරදි කළ නොහැකි වරදක් බවට පත්වනු ඇත.එමෙන්ම ඉවක් බවක් නොතකා ගස්වැල් කැපීම වනාන්තර එළි කිරීම මඟින් අපගේම මළගම අපිම ලියා ගනිමින් සිටී. සංවර්ධනය කියාගනිමින් අවිධිමත් ලෙස මුලු පරිසරයම විනාශ කර දැමීමෙන් මෙම රට අනාගතයේ කාන්තාරයක් වීමට ඇති හැකියාව මිනිසුන්ට නොවැටහෙන්නේ මන්දැයි නොදනිමි ?
ඔබ තවත් දැනගත යුතුම කරුණු කිහිපයක් ඇත.
ඔබ දන්නවා ද ?
- ලෝක ජනගහනයෙන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂාව සඳහා ජලය නො ලැබේ. මිලියන 800ක ප්‍රමාණයකට පිරිසිදු ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැත.
- ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධ රෝගවලින් වසරකට මිලියන 5ක් පමණ මිනිසුන් මිය යන බව ගණන් බලා ඇත. මෙලෙස මියයන්නන්ගෙන් 99%ක් ම සංවර්ධනය වන රටවල ය.
- සෑම තප්පර 15කට ම වරක් ජලය සම්බන්ධ රෝග තත්ත්වයක් නිසා වයස 5ට අඩු දරුවකු මිය යයි. එනම් දිනකට ළමුන් 6000කි. ලෝකයේ වයස 5ට අඩු දරුවන්ගේ මරණයට හේතු වන දෙවන ප්‍රධාන හේතු සාධකය පාචනය යි.
- බිලියන 2කට වඩා මිනිසුන් ප්‍රමාණයක් දිනපතා මළපහ කරන්නේ විවෘත පරිසරයට ය. වැසිකිළි පහසුකම් නැති බැවිනි. වැසිකිළි භාවිතයට වඩා ජංගම දුරකථන භාවිත කරන සංඛ්‍යාව වැඩි බව ගණන් බලා ඇත.
කෙනෙකු කැලයක මළ පහ කිරීම එතරම් දෙයක් ලෙස කෙනෙකුට නො පෙනෙන්නට පුළුවන. එහෙත් ජල සම්පාදන මාර්ග අපවිත්‍ර කරන ප්‍රධාන ම සාධකය එය යි.
එසේනම් අප කුමක් කල යුතුද ?
ගෘහයක් ලෙසට, පුද්ගලයෙක් ලෙසට අපට ද කළ හැකි යමක් ඇත. ලොකු වැඩක් ලෙස නො පෙනුනත් අපට ද ආර්ථික වශයෙන් වාසියක් ද වන පහත සඳහන් ක්‍රියාමාර්ග ඉන් සමහරකි.ඇස්තමේන්තු කර ඇති අන්දමට සංවර්ධනය වන රටවල 50%ක් නිවෙස්වල කුමන හෝ ජල කාන්දුවක් ඇත. නිවසේ කරාමයකින් ජලය බිංදුවක් තත්පරයකට කාන්දු වනවා යයි සිතමු. වසරකට ජලය ලීටර් 11400ක් ඉන් අපතේ යයි.
- ෂවරයකින් ඔබ නානවා නම් නාන වේලාව විනාඩි 4ක් අඩු කිරීමෙන් ඔබට ජලය ලීටර් 120ක් ඉතිරි කර ගත හැකි ය.
- අධිවේගී ෂවරයක් වෙනුවට මන්දවේගී ෂවරයක් භාවිතයෙන් විශාල ජල නාස්තියක් වැළකේ. කුමන ෂවරයකින් වුව ද ජලයෙන් 30%ක් වැටෙන්නේ ඔබේ සිරුරෙන් පිටතට ය.
- හැකි සැම විට ම ඔබ වරක් භාවිත කරන ජලය වෙනත් කාර්යයකට යොදා ගන්න. මුලුතැන්ගේ සේදීමට භාවිත කරන ජලය ගෙවත්තේ වගාවකට යොදා ගත හැකි ය.
- රෙදි සේදීමට යන්ත්‍රයක් භාවිත කරන්නේ නම් ඉන් සේදිය හැකි උපරිම රෙදි ප්‍රමාණය එකතු වන තුරු සිටින්න.
- නිවසට ලැබෙන පානීය ජලය සඳහා අධික වියදමක් දරන්නට ද සිදු වේ.ගෙවත්තේ ජල සංරක්ෂණය වන ආකාරයේ වගාවක් කිරීමෙන් පානීය ජලය වගාවන්ට යෙදීම සීමා කර ගත හැකි ය.
ජලය ඉතාමත් සීමිත සම්පතකි. එබැවින් ඔබ,
ඔබේ පවුලට ද යහළුවන්වට ද සමාජයට ද මෙම පණිවිඩය නොපමාව මේ ලෝක ජල දිනයේදී ලබාදෙන්න.
අනාගතයටත් පිරිසුදු ජලය ඉතිරි කරන්න!!!
One of the greatest rulers of SriLanka, King Parakramabahu the great has once told, not to let a single drop of rain go to the ocean without being used. As a country where water resources are highly respected, Sri Lanka has paid special attention to water management and security from an immemorial time. At the same time, our country has a rich history of irrigation that further enhances new water conservation concepts and benefits the people. But today the fate of the whole world as well as our country is tragic. To address this need, the United Nations General Assembly has decided to observe World Water Day on March 22 every year since 1993. Activities such as educating people regarding current issues and directing people to take actions against these issues are mainly done. The theme of this year’s World Water Day is “The Value of Water”.
About 97.5% of the world’s water is seawater. Freshwater is as small as 2.5%, most of which is found in glaciers, water vapor, and vegetation. The amount of water that can be used by humans is as small as 0.29% of the world’s water. By 2025, 2/3 of the world’s population will be affected by water scarcity, according to the World Bank. There are some major water related issues in Sri Lanka. Water pollution and water scarcity are the main ones.The rulers of the country as well as the people themselves are fully responsible for these.Around 80% of the people in urban areas around the world do not have access to clean water. Sri Lanka is also at risk. If the protection of water resources is further delayed, it will become an irreparable mistake.
We are also writing our own funerals by cutting down trees and clearing forests. I do not know why people do not understand the possibility of this country becoming a desert in the future by claiming development and destroying the entire environment informally?
There are a few more things you need to know.
Do you know?
- One in six people in the world does not have access to safe drinking water. 800 million do not have access to safe drinking water.
- It is estimated that about 3.5 million people die each year from water and sanitation-related diseases. 99% of these deaths are in developing countries.
- A child under the age of 5 dies from a water-related illness every 15 seconds. That is 6000 children a day. Diarrhea is the second leading cause of death in children under the age of 5 in the world.
- More than 1.2 billion people defecate in the open every day. Because there are no toilet facilities. It is estimated that more people use mobile phones than use toilets.
- Disposing of one’s body in the jungle may not seem like such a thing to anyone. But it is also the main factor that pollutes waterways.
So what should we do?
As a home, as an individual, we also have something to do. The following are some of the actions that may not seem like a big deal, but they will also benefit us financially.
It is estimated that 50% of households in developing countries have any water leakage. Suppose a drop of water leaks from a faucet in the house every second. It wastes 11400 liters of water per year.
- If you take a shower, you can save 120 liters of water by reducing the bath time to 4 minutes.
- Using a slow shower instead of a high speed shower avoids a lot of water wastage. In any shower, 30% of the water will fall out of your body.
- Whenever possible you should have all four of these components in place for launch to maximize profits. The water used to wash the kitchen can be used for gardening.
- If you use a washing machine, wait until the maximum amount of laundry that can be washed is added.
- There is also a high cost for the drinking water available to the house. So use wisely.
Water is a very limited resource. So you,Give this message to your family, friends and community on this World Water Day without delay.
Save clean water for the future too!!!
இலங்கையின் மிகப் பெரிய ஆட்சியாளர்களில் ஒருவரான பராக்ரமாபாகு மன்னர், ஒரு துளி மழை நீர்கூட வீணாக கடலை சென்றடையக்கூடாது, என்றார். நீர்வளம் மிகவும் மதிக்கப்படும் ஒரு நாடு என்ற வகையில், இலங்கை பழங்காலத்திலிருந்தே நீர் மேலாண்மை மற்றும் பாதுகாப்பு குறித்து சிறப்பு கவனம் செலுத்தியுள்ளது. அதே சமயம், புதிய நீர் பாதுகாப்பு கருத்துக்களை மேலும் மேம்படுத்தி மக்களுக்கு நன்மை பயக்கும் நீர்ப்பாசன வரலாற்றை நம் நாடு கொண்டுள்ளது. ஆனால் இன்று ஒட்டுமொத்த உலகத்துக்கும் இது சவாலாகவே உள்ளது. இந்த தேவையை நிவர்த்தி செய்வதற்காக, ஐக்கிய நாடுகள் சபையின் பொதுச் சபை 1993ல் முதல் ஒவ்வொரு ஆண்டும் மார்ச் 22 அன்று உலக நீர் தினத்தை கடைபிடிக்க முடிவு செய்துள்ளது. தற்போதைய பிரச்சினைகள் குறித்து மக்களுக்கு கற்பிப்பதற்கும், இந்த பிரச்சினைகளுக்கு எதிராக நடவடிக்கை எடுக்க மக்களை வழிநடத்துதல் போன்ற நடவடிக்கைகள் முக்கியமாக செய்யப்படுகின்றன. இந்த ஆண்டு உலக நீர் தினத்தின் கருப்பொருள் “நீரின் மதிப்பு”.
உலகின் 97.5% நீர் கடல் நீர். நன்னீர் 2.5% வரை சிறியது, இவற்றில் பெரும்பாலானவை பனிப்பாறைகள், நீராவி மற்றும் தாவரங்களில் காணப்படுகின்றன. மனிதர்களால் பயன்படுத்தக்கூடிய நீரின் அளவு உலகின் நீரில் 0.29% வரை சிறியது. 2025 ஆம் ஆண்டில், உலக மக்கள் தொகையில் 2/3 பேர் தண்ணீர் பற்றாக்குறையால் பாதிக்கப்படுவார்கள் என்று உலக வங்கி தெரிவித்துள்ளது. இலங்கையில் தண்ணீர் தொடர்பான சில முக்கிய பிரச்சினைகள் உள்ளன. நீர் மாசு மற்றும் நீர் பற்றாக்குறை ஆகியவை கவனிக்க வேண்டியவாயாகும். நாட்டின் ஆட்சியாளர்களும் மக்களும் இதற்கு முழு பொறுப்பு. உலகெங்கிலும் உள்ள நகர்ப்புறங்களில் சுமார் 80% மக்களுக்கு சுத்தமான நீர் கிடைக்கவில்லை. இலங்கையும் ஆபத்தில் உள்ளது. நீர்வளங்களின் பாதுகாப்பு மேலும் தாமதமானால், அது ஈடுசெய்ய முடியாத தவறாக மாறும்.
ஒரு தனிநபராக, நாமும் ஏதேனும் செய்ய வேண்டும். வளரும் நாடுகளில் 50% வீடுகளில் நீர் கசிவு இருப்பதாக மதிப்பிடப்பட்டுள்ளது. ஒவ்வொரு நொடியும் வீட்டிலுள்ள ஒரு குழாயிலிருந்து ஒரு சொட்டு நீர் கசிந்தால், ஒரு ஆண்டுக்கு 11400 லிட்டர் தண்ணீர் வீணாகும். எனவே நாம் தண்ணீரை கவனமாக பயன்படுத்துவது அவசியம். குளியல் நேரத்தை குறைத்தல், தோட்டத்துக்கு சமையலில் பயன்படுத்தப்படும் தண்ணீரை மீண்டும் பயன்படுத்துதல், ஒரே நேரத்தில் துணிகளைக் கழுவுதல் மற்றும் குறைந்த அழுத்தத்தில் தண்ணீரைப் பயன்படுத்துதல் ஆகியவை தண்ணீரைச் சேமிக்க நாம் செய்யக்கூடிய மிகச் சிறிய விஷயங்கள்.
நீர் மிகவும் வரையறுக்கப்பட்ட வளமாகும்.
இந்த உலக நீர் தினத்தில் உங்கள் குடும்பத்தினருக்கும், நண்பர்களுக்கும், சமூகத்திற்கும் இந்த செய்தியை தாமதமின்றி கொடுங்கள்.
எதிர்காலத்திற்கும் சுத்தமான தண்ணீரை சேமிப்போம் !!!
Penned by : Rtr.Charith Dabare
Edited,translated and published by : RACSLIIT Editorial team 2020/21