තුරන් වී ගිය මැලේරියා රකුසාට – ඉඩ නොදෙමු යලි නැගිටින්න

ලෝක මැලේරියා දිනය සෑම වර්ශයකම අප්‍රේල් 25 වන දින ගෝලීය වශයෙන් සමරනු ලබන ජාත්‍යන්තර සැමරීමකි. Reaching the zero target තේමාවෙන් සැමරෙන මෙවර ලෝක මැලේරියා දිනයේ මූලික අරමුණ වන්නේ මැලේරියාව තුරන් කිරිමේ ඉලක්කයට ලගාවීමයි. 2001 වර්ශයේ සිට සැමරෙන අප්‍රිකානු මැලේරියා දිනය 2007 වර්ශයේදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජනාවකට අනුව 2008 වසරේ සිට ජාත්‍යන්තර මැලේරියා දිනය නමින් ප්‍රකාශයට පත්කරන ලද්දේ ලොව පුරා රටවල් වල මැලේරියා රෝගයේ පැතිරීම හඳුනා ගැනීම සහ මැලේරියා රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය වශයෙන් ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමිනි .

මැලේරියා වසංගතයේ ඉතිහාසය පුරාතන ඊජිප්තු යුගය දක්වා දිවගියද, ෆ්‍රැන්කෝ-ප්‍රෂියානු යුද්ධයේදී ප්‍රංශ හමුදා වෛද්‍යවරයෙකු වු චාල්ස් ලුවී ඇල්ෆොන්ස් ලැවරන් (1845-1922) විසින් පලමු වරට මැලේරියා වෛරසය ආසාදනය කරනු ලබන ප්ලැස්මෝඩියම් පරපෝශිතයා හදුනා ගැනෙන අතර 1897 අගෝස්තු මස 20 දින බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය රොනල්ඩ් රෝස් විසින් මැලේරියා පරපෝෂිතයන්, ආසාදිත මිනිස් සිරැරකින් සොයාගැනිම හා මැලේරියා මදුරුවාගේ ජීවන චක්‍රය අනාවරණය කරගැනිම එවකට සීග්‍රයෙන් ව්‍යාප්ත වු මැලේරියා වසංගතයේ නොමැකෙන සංධිස්ථානයක් වශයෙන් සනිටුහන් වේ. 1820 දී පියරේ ජෝශප් පෙලෙටියර් සහ ජෝශප් කැවෙන්ට විසින් සිංකෝනා ශාකයේ පොත්තෙන් නිස්සාරණය කරන ලද ශාක සාරයෙන් “ක්වීනීන්” ඖෂධ නිපදවන ලදි. එය මැලේරියා රෝගය සදහා නිපදවන ලද ප්‍රථම ඖෂධය වන අතර පසුකාලීනව විවිධ ප්‍රති – මැලේරියා ඖෂධ හා එන්නත් නිපදවන ලදි.

අතීතයේ ලොව පුරා ව්‍යාප්තියක් දැක්වුවද වර්තමානයේ අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කරගනිමින් ලොව පුරා රටවල් සියයකට අධික ප්‍රමාණයක මෙම මැලේරියා වසංගතය ව්‍යාප්ත වී ඇත. ගෝලීය වශයෙන්, සෑම වර්ශයකම 900,000 ආසන්න සංඛ්‍යාවක් මැලේරියා රෝගයෙන් මියයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව  2019 දී මැලේරියා රෝගීන් මිලියන 229 ක් වාර්තා වී ඇති අතර 409,000 ක් මැලේරියාවෙන් මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අප්‍රිකාවේ දරුවන් ය. 2012 වර්ශයේ ශ්‍රී ලංකාව තුල මැලේරියා සම්පුර්ණයෙන්ම තුරන් කරන ලද අතර 2016 වර්ශයෙදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාව තුරන කරන ලද රටක් වශයෙන් ශ්‍රී ලංකාව නම්කරන ලදි.

මැලේරියාව වලක්වාගැනීම සදහා ප්‍රති – මැලේරියා ඖෂධ , ප්‍රතිකාර කරන ලද ඇදන් හා මදුරැ දැල් බාව්තා කිරීම, ගෘහස්ථ කෘමිනාශක භාවිතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලබන ප්‍රධාන නිර්ණායක වේ. තවද පුහුණුව ලත් සෞඛ්‍ය සේවකයන් මෙන්ම මහජන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරිම හා ඖෂධ හිගයකින් තොරව පීඩාවට පත් ජන කොඨිඨාශයන්ට ලබාගැනිමට අවස්ථාව ඇතිකිරීම තුලින් මෙන්ම මැලේරියාව සහිත රටකින් වෙනත් රටකට සංක්‍රමණය විමේදි අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිලිපැදීම මගින් මැලේරියාව තුරන් කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ගෝලීය වශයෙන් ලෝක මැලේරියා දිනය සැමරීම මගින් සෞඛ්‍ය සංවිධාන හා විද්‍යාඥයින්ට රෝගය පිළිබඳ තොරතුරු මෙන්ම වර්තමාන පර්යේෂණ ප්‍රයත්නයන් පිළිබඳව මහජනයාට සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ලබා දෙයි.  මෙය සිදු කරනු ලබන්නේ මහජනයා දැනුවත් කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම, පුණ්‍ය කටයුතු සහ වෙනත් ප්‍රජා ක්‍රියාකාරකම් මගිනි.

මැලේරියාවෙන් තොර හෙටක් වෙනුවෙන් දැනුවත් වෙමු, නිසි පියවර ගනිමු, ක්‍රියාත්මක වෙමු…

World Malaria Day is an International celebration happening globally on April 25 every year. The main objective of this year’s World Malaria Day, which is celebrated under the theme ‘Reaching the zero target’, is to achieve the goal of eradicating Malaria. African Malaria Day, which has been celebrated since 2001, was declared International Malaria Day in 2008 at the suggestion of the World Health Organization in 2007. Although the history of the Malaria Spring dates back to ancient Egypt, the discovery of Plasmodium parasite, The discovery of Malaria parasites in an infected human body  and the discovery of the life cycle of the Malaria mosquito marked an indelible milestone in the then rapidly spreading Malaria epidemic.

In 1820, Pierre Joseph Pelletier and Joseph Caventa developed the drug “Quinine” from plant extracts from the book Cinchona. It was the first drug to be developed for Malaria, and later various anti-Malarial drugs and vaccines were developed.In the past, there was a worldwide project, but today the Malaria epidemic has spread to more than a hundred countries around the world, centered on the African continent. Globally, nearly 900,000 people die of Malaria each year, with the World Health Organization reporting 229 million Malaria cases in 2019, 409,000 of whom died from Malaria, most of them children in Africa. Malaria was completely eradicated in Sri Lanka in 2012 and in 2016 the World Health Organization named Sri Lanka as a country that has eradicated Malaria.

The use of malaria drugs, treated beds and mosquito nets, and the use of household pesticides are the main criteria for Malarial prevention approved by the World Health Organization. The World Health Organization (WHO) also points out that Malaria can be eradicated through the expansion of trained health workers as well as public health facilities and the provision of access to medicines to affected communities without shortage, as well as the proper adherence to relevant health guidelines for migration from one country to another with Malaria.

Celebrating World Malaria Day globally provides an opportunity for health organizations and scientists to communicate information about the disease as well as current research efforts to the public. This is done through public awareness education programs, charities and other community activities.

உலக மலேரியா தினம் என்பது ஒவ்வொரு ஆண்டும் ஏப்ரல் 25 அன்று உலகளவில் கொண்டாடப்படும் ஒரு சர்வதேச கொண்டாட்டமாகும். ‘பூஜ்ஜிய இலக்கை அடைதல்’ என்ற கருப்பொருளின் கீழ் கொண்டாடப்படும் இந்த ஆண்டு உலக மலேரியா தினத்தின் முக்கிய நோக்கம் மலேரியாவை ஒழிக்கும் இலக்கை அடைவதே ஆகும். 2001 ஆம் ஆண்டு முதல் கொண்டாடப்படும் ஆப்பிரிக்க மலேரியா தினம், 2007 இல் உலக சுகாதார அமைப்பின் ஆலோசனையின் பேரில் 2008 ஆம் ஆண்டில் சர்வதேச மலேரியா தினமாக அறிவிக்கப்பட்டது. மலேரியாவின் வரலாறு பண்டைய எகிப்துக்கு முந்தையது என்றாலும், பிளாஸ்மோடியம் ஒட்டுண்ணி 77 என்பது பாதிக்கப்பட்ட மனித சிறையில் மலேரியா ஒட்டுண்ணிகளைக் கண்டுபிடித்தது மற்றும் மலேரியா கொசுவின் வாழ்க்கைச் சுழற்சியைக் கண்டுபிடித்தது, அப்போது வேகமாகப் பரவியிருந்த மலேரியா தொற்றுநோய்களில் அழியாத மைல்கல்லைக் குறித்தது.

1820 ஆம் ஆண்டில், சின்சோனா புத்தகத்திலிருந்து தாவர சாற்றில் இருந்து “குயினின்” என்ற மருந்தை பியர் ஜோசப் பெல்லெட்டியர் மற்றும் ஜோசப் கேவென்டா உருவாக்கினர். இது மலேரியாவுக்கு உருவாக்கப்பட்ட முதல் மருந்து, பின்னர் பல்வேறு மலேரியா எதிர்ப்பு மருந்துகள் மற்றும் தடுப்பூசிகள் உருவாக்கப்பட்டன. கடந்த காலங்களில், உலகளாவிய திட்டம் இருந்தது, ஆனால் இன்று மலேரியா தொற்றுநோய் உலகெங்கிலும் நூற்றுக்கும் மேற்பட்ட நாடுகளுக்கு பரவியுள்ளது, ஆப்பிரிக்க கண்டத்தை மையமாகக் கொண்டு. உலகளவில், ஒவ்வொரு ஆண்டும் கிட்டத்தட்ட 900,000 பேர் மலேரியாவால் இறக்கின்றனர், உலக சுகாதார நிறுவனம் 2019 ஆம் ஆண்டில் 229 மில்லியன் மலேரியா நோயாளிகளைப் பதிவு செய்துள்ளது, அவர்களில் 409,000 பேர் மலேரியாவால் இறந்தனர், அவர்களில் பெரும்பாலோர் ஆப்பிரிக்காவில் உள்ள குழந்தைகள். 2012 ல் இலங்கையில் மலேரியா முற்றிலுமாக ஒழிக்கப்பட்டது, 2016 ஆம் ஆண்டில் உலக சுகாதார அமைப்பு இலங்கையை மலேரியாவை ஒழித்த நாடாக பெயரிட்டது.

மலேரியா தடுப்பு – மலேரியா மருந்துகள், சிகிச்சையளிக்கப்பட்ட படுக்கைகள் மற்றும் கொசு வலைகள் மற்றும் வீட்டு பூச்சிக்கொல்லிகளின் பயன்பாடு ஆகியவை உலக சுகாதார அமைப்பால் அங்கீகரிக்கப்பட்ட முக்கிய அளவுகோல்கள். பயிற்சியளிக்கப்பட்ட சுகாதார ஊழியர்களின் விரிவாக்கம் மற்றும் பொது சுகாதார வசதிகள் மற்றும் பற்றாக்குறை இல்லாமல் பாதிக்கப்பட்ட சமூகங்களுக்கு மருந்துகளை அணுகுவது, அதேபோல் ஒரு நாட்டிலிருந்து மற்றொரு நாட்டிற்கு மலேரியாவுடன் குடியேறுவதற்கான பொருத்தமான சுகாதார வழிகாட்டுதல்களை முறையாக பின்பற்றுவது மூலம் மலேரியாவை ஒழிக்க முடியும் என்பதையும் உலக சுகாதார அமைப்பு (WHO) சுட்டிக்காட்டுகிறது.

உலக மலேரியா தினத்தை உலகளவில் கொண்டாடுவது சுகாதார நிறுவனங்கள் மற்றும் விஞ்ஞானிகளுக்கு இந்த நோய் பற்றிய தகவல்களையும் தற்போதைய ஆராய்ச்சி முயற்சிகளையும் பொதுமக்களுக்கு தெரிவிக்க வாய்ப்பளிக்கிறது. இது பொது விழிப்புணர்வு கல்வி திட்டங்கள், தொண்டு நிறுவனங்கள் மற்றும் பிற சமூக நடவடிக்கைகள் மூலம் செய்யப்படுகிறது. நாளை மலேரியா இல்லாததைப் பற்றி விழிப்புடன் இருப்போம், தகுந்த நடவடிக்கை எடுங்கள், செயலில் இருங்கள்.

Penned by: Rtr. Madhubashani Jayasena

Edited,translated and published by : RAC SLIIT Editorial team 2020/21

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s