බෞද්ධයන්ගේ අලුත් අවුරුද්ද

වෙසක් පුරපසළොස්වක් පොහෝ දින සියලු ලෝකවාසී බෞද්ධයන්ට ඉතාමත් වටිනා දිනයකි. අප මහා බෝධිසත්වයන් වහන්සේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරයානන් ලොව්තුරු බුදු බවට පත්වීම සහ බුදු රජාණන්වහන්සේගේ පරිණිර්වානය යන උතුම් තෙමගුල මෙම දිනයේ සිදු වීම එයට හේතුවයි. මේ නිසා බෞද්ධයන්ගේ සැබෑම අවුරුද්ද මෙය ලෙස හඳුන්වාදිය හැක.

            “ලුම්බිණී සල් වනේ
                    සත් පියුම් පිබිඳුනේ
              බෝසතුන් ඉපදුනේ
                     මේ වෙසක් පොහො දිනේ”

Vesak 1

ඉන්දියාවේ ලුම්බිණී සාල වනෝද්‍යානයේ මහමායා දේවියට සහ සුද්ධෝදන රජුට දාවා මේ පිංවත් පුංචි කුමාරයා වෙසක් පුන් පොහොය දිනයේ උප්පත්තිය ලබන විට අහස පුරා දෙවිවරු රැස්ව සාධුකාර දුන් බවත් මේ මහා පොළවේ විශ්මිත දෑ සිදු වූ බවත් පැරණි පොත පතෙහි සඳහන්ය.

              “ගයාවේ බෝ මැඩේ
                       උතුම් වජිරාසනේ
              බුදු පදවි ලබන්නේ
                       වෙසක් පුන් පොහො දිනේ”

vesak 4

රම්‍ය, සුරම්‍ය සහ සුභ යන මාළිගා තුනද ඉතා සැප පහසු ජීවිතයද යශෝධරා දේවිය සහ සිඟිති රාහුල පුතුද අතහැර හොරෙන්ම මොහු මේ ඔහේ ඉපදෙමින් මැරෙමින් ඇවිදින සසරේ සත්‍යය සොයා, සියලුම ලෝක සත්ත්වයින් ට කරුණාවෙන්  ලෝ සත දුකින් නිවාලන්නට අභිනිශ්ක්‍රමණය කොට දුෂ්කරක් ක්‍රියා කොට ඉන්පසු මධ්‍යම ප්‍රතිපදාවට එළඹ දස මාර සේනාවද පරාජය කොට  ඒ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන දඹදිව බුද්ධගයාවේ ඇසතු බෝ රුක මුල උතුම් වජිරාසන මත ලොව්තුරා අමාමහ බුද්ධත්වය සාක්ෂාත් කර ගත්තේද මෙම උතුම් පොහෝ දිනේදීය.

             “කුසිනාරාවේ සමිඳු සිටින්නේ
                       අකලට සල්මල් පිපී වැටෙන්නේ
              කරුණා ගඟ ලොවටම නැතිවන්නේ
                       පහනක් ලෙස පිරිණිව නිව යන්නේ”

vesak 5

පන්සාලිස් වසක් පුරාවට දෙව් බඹුන්, මිනිස් ආදී සියලුම ලෝක සත්වයන්ට සනාතන කරුණාවෙන් ධර්මය දේශනා කර බොහෝ ලෝ සතුන්ව මේ ඉපදී මැරි මැරී යන සසරින් එතෙර කර, හට ගත්ත සියලු දෙය වෙනස් වී නැසී වැනසී යන බවද දේශනා කරමින් මල්ල රජ දරුවන්ගේ කුසිනාරාවේ පිහිටි සල් වනයේදී පිරිනිවන් පෑ වැඩි සේක

බුදු රජාණන්වහන්සේ එසේ පිරිනිවන් පෑවද උන්වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය තවමත් එලෙසම ජීවමානය.ඒ සිල්වත් මහ සඟරුවණ තවමත් ජීවමානය. එම නිසා මේ වෙසක් සතියේදී අප සැම සෞඛ්‍යයාරක්ශිතව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදී පින් සිත් පහල කරගනිමු.

 

        “සාදු සාදු බුදු සරණ ලැබේවා
            සාදු සාදු දම් සරණ ලැබේවා
            සාදු සාදු සඟ සරණ ලැබේවා
            සියලු දෙනා ලොව සුවපත් වේවා.!”

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!!!
 නමෝ බුද්ධාය!!!

            v 3

Vesak Full Moon Poya Day is a remarkable day for all Buddhists in the world. The reasons are the birth of the great Bodhisattva, the enlightenment of Prince Siddhartha and the enlightenment of the Lord Buddha. Therefore, this can be introduced as the real year of the Buddhists.

Born to queen Mahamaya and King Suddhodana in the Lumbini Sala National Park in India, this little prince was born on the full moon day of Vesak.Leaving behind the three palaces of Ramya, Suramya and Subha, the very comfortable life, Princess  Yashodhara and the son  little Rahula, he secretly seeks the truth of this world, and compassionately overcomes all the creatures of the world with compassion. It was on this great Poya day that he realized the Four Noble Truths and attained the enlightenment on the throne of Vajrayana at the base of the Asatu Bo tree in Dambadiva Buddhagaya.

vesak 3

For over forty-five years Lord Buddha preached the Dharma with eternal kindness to all the creatures of the world, such as bambas, human beings, and many other worldly beings, beyond this birth and death, and preached that all that has arisen will change and perish. Even though the Lord Buddha attained Parinirwana, his Dhamma is still alive. Therefore, during this Vesak week, let us all engage in health care, Amisa and Policy Sacrifices to earn merit.

Happy Vesak Full Moon Day to you!

 Namo Buddhaya !!!

V 1

வெசக் பௌர்ணமி தினம் உலகின் அனைத்து பௌத்தர்களுக்கு குறிப்பிடத்தக்க நாள். பெரிய போதிசத்துவரின் பிறப்பு, இளவரசர் சித்தார்த்தரின் ஞானம் மற்றும் புத்தரின் ஞானம் ஆகியவை காரணங்கள். எனவே, இது பௌத்தர்களின் உண்மையான ஆண்டாக அறிமுகப்படுத்தப்படலாம்.

இந்தியாவின் லும்பினி சாலா தேசிய பூங்காவில் மகாமயா மற்றும் மன்னர் சுத்தோதனா ஆகியோருக்குப் பிறந்த இந்த சிறிய இளவரசன் வேசக்கின் பௌர்ணமி நாளில் பிறந்தார். ரம்யா, சூராம்யா மற்றும் சுபா ஆகிய மூன்று அரண்மனைகளுக்குப் பின்னால், மிகவும் வசதியான வாழ்க்கை, இளவரசி யசோதரா மற்றும் மகன் சிறிய ராகுலா, அவர் இந்த உலகத்தின் உண்மையை ரகசியமாக நாடுகிறார், மேலும் உலகின் அனைத்து உயிரினங்களையும் இரக்கத்துடன் வெல்லுகிறார். இந்த மாபெரும் போயா நாளில்தான் அவர் நான்கு உன்னத சத்தியங்களை உணர்ந்து தம்படிவா புத்தகாயத்தில் உள்ள அரச மரத்தின் அடிவாரத்தில் வஜ்ராயன சிம்மாசனத்தில் ஞானம் பெற்றார்.

v 4

நாற்பத்தைந்து ஆண்டுகளுக்கும் மேலாக பகவான் புத்தர் இந்த பிறப்பு மற்றும் இறப்பைத் தாண்டி உலகின் அனைத்து உயிரினங்களான பாம்பாக்கள், மனிதர்கள் மற்றும் பல உலக மனிதர்களிடம் நித்திய தயவுடன் தர்மத்தைப் பிரசங்கித்தார், மேலும் எழுந்தவை அனைத்தும் மாறும் என்று பிரசங்கித்தார். பகவான் புத்தர் பரிநிர்வாணத்தை அடைந்தாலும், அவரது தம்மம் இன்னும் உயிருடன் இருக்கிறது. எனவே, இந்த வெசக் வாரத்தில், நாம் அனைவரும் சுகாதாரப் பாதுகாப்பு, அமீசா மற்றும் கொள்கை தியாகங்களில் ஈடுபடுவோம்.

அனைவருக்கும் வெசாக் பௌர்ணமி தின வாழ்த்துக்கள்!

Penned by : Rtr.Charith Dabare

Edited, translated and published by RACSLIIT Editorial team 2020/21

v 5

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s