නොපෙනෙන මානය

This is the prize winning of the article from the creative writing competition, WriterX, written by Dulmi Prabodha. Enjoy!

Read the English Winning Article

සියල්ල පැහැදිලිය. හොඳින් ඔප දමන ලද ගෙබිමේ සිට පරිගණකයේ දත්ත ගබඩාව දක්වාම සියල්ල පිළිවෙල. ඔහු අවසානයට මුද්‍රණය කරමින් තිබූ කෙටිකතා පිටපතෙහි අවසන් වාක්‍යය හැරුණු කොට සියල්ල සම්පූර්ණය. මුද්‍රිත පිටපත නැතහොත්  එකම හෝඩුවාව සියතට ගත් පොලිස් පරීක්ෂක ඇඳි පුටුවෙහි දිගා වූයේ රාත්‍රී නින්දට ප්‍රථම එය කියවා අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

       කළුවර මෙන්ම තනිකමද එක සමාන හැඟීම් දනවන්නකි

2021.03.17  වේලාව පෙ.ව. 1.30

“කළුවර මෙන්ම තනිකමද එක සමාන හැඟීම් දනවන්නකි. උදේ රැයින් රැකියාවට පිටත් වන අම්මාත් තාත්තාත් රාත්‍රී කළුවර සමඟ නිවසට ළඟා වන සෑමවිටම මා එය අත්විඳ තිබුණි. ඇතැම් විට එය මගේ වරද වන්නට ඇත.මවිසින්ම මා වටකර පවුරක් තනාගත් ලෙසින් එකල මා ජීවත් වුණි. ඇතැම් විට එම පවුර බිඳීමට මා අහිංසක උත්සාහයක් දැරීම ඇතැමෙකුට මා වෙනස් යැයි හැඟෙන්නට හේතු වන්නට ඇත.

පුදුමයට කරුණක් නොමැත. ගෝලීයකරණය වූ සියවස් විසි එකක මිනිස් බැඳීම් ඇඟිලි තුඩකට යාවුනු අපූරුව. දහස් දස දහස් ගණනින් වූ මන්දාකිණි ගැලැක්සි මැද අප තවත් එක් ක්ෂුද්‍ර වස්තු කොට්ඨාශයක් පමණි. මෙය හුදෙක් මනඃකල්පිතයක් හෝ ප්‍රබන්ධයක් නොව මාගේ හෘද සාක්ෂිය නිදහස් කර ගැනීම උදෙසා මවිසින්ම ලියන ලද්දකි.”

සියදිවි නසාගන්නා තරුණයින් කොතෙකුත් මෙවැනි  ක්‍රියාවන්හි නිරත වන බව හෙතෙම සිය අත්දැකීමෙන් දන්නේය. නමුදු මේ තරුණයාගේ අතුරුදන් වීම ඉතාමත් සිත්ගන්නාසුළුය. තාරකා , මන්දාකිනි, ගැලැක්සි පිළිබඳව එම පිටපතෙහි නැවත සඳහන් විණි. පුදුමයට කරුණ නම් අතුරුදන් වූ තරුණයාගේ පරිගණක තිරයේ පසුබිමද මෙවැනිම ජායාරූපයක් යොදා තිබීමයි. සම්පූර්ණ මුද්‍රිත පිටපතම කියවා අවසන් කිරීමට නොහැකි තරමට පොලිස් පරීක්ෂකගේ කුතුහලය ප්‍රබලය. නොඉවසිල්ලෙන් පිටු එකින් එක පෙරලමින් සිටි ඔහුගේ දෑස එක් පිටුවක නතර වුණි.

“හඳුනා නොගත් දෑ මිථ්‍යා මත ලෙස බැහැර කිරීම කොතරම් කාලොචිතද? විද්‍යාව හා තාක්ෂණය විශ්වීය බලයෙන් වෙන් කරන සන්දිස්තානයක නිසැකවම මා පැටලී හමාරය. මිනිසා කෘතිම බුද්දිය වැඩිදියුණු කරයි. අවාසනාවක මහත විශ්වයේ ප්‍රබලතම ශක්ති උත්පාදනය මිනිස්  හිත වැඩිදියුණු කිරීමට ඔවුන් පෙළඹෙන්නේ කවදාද?”

පාළුව, තනිකම, විශ්වය වැනි එකිනෙකට නොගැලපෙන බොහෝ දෑ එකින් එක සම්බන්ධ වන අයුරු මොහොතකට පොලිස් පරීක්ෂකගේ සිත දෙගිඩියාවට පත් කරන්නට සමත් විය. ජීවිතය පිළිබඳ කිසිදු කලකිරීමක් නොතිබූ තරුණයෙකු අතුරුදන් වීමට විශ්වයෙන් ඇති වූ බලපෑම තවමත් අබිරහසකි.

“ජීවිතයේ කොතෙකුත් ප්‍රීතිමත් අවස්ථා මා විඳ ඇති නමුත් මෙය අන් කිසිවකට සම කල නොහැකි බව මට විශ්වාසය. තත්පර කීපයකදී ලෝකයේ ඕනෑම කෙළවරක පුද්ගලයකු සමඟ සම්බන්ධ වීමට තරම් තාක්ෂණය ප්‍රබලය.නමුත් තත්පරයකින් හරි අඩකටත් වඩා අඩු කාලයකදී විශ්වයේ ඕනෑම පුද්ගලයකු සමඟ කිසිදු වියදමකින් තොරවම අදහස් හුවමාරු කර ගත හැකි වීම කොතරම් අපූරුද?

ඇතැම් විට ඔබ  මෙය කියවන අවස්ථාවේදී මා පෘථිවිය මත නොමැති විය හැකිය. නමුත් ඔබ ටෙලිපති පිළිබඳව අසා ඇති බව මට විශ්වාසය. විශ්ව තරංග හරහා අදහස් හුවමාරු කර ගැනීම ටෙලිපති යන නමින් හඳුන්වා බොහෝ කල්‍ ය. අර්ත දැක්වීම් අනවශ්‍යය. සියල්ල එක් කල පසු විශ්වීය යැයි කිව හැකිය.”

ටෙලිපති පිළිබඳව කොහේදී හෝ අසා ඇති බවක් පොලිස් පරීක්ෂකට මතකය. නමුත් ප්‍රශ්නය වඩා සංකීර්ණය. ටෙලිපති හා තරුණයාගේ අතුරුදන් වීම අතර සම්බන්ධය ඔහු වාර්තා කළ යුතුය. 

” කිසිදු තාක්ෂණයක් නොමැතිව මිනිසා නුදුරු දිනකදීම සැතැපුම් දහස් ගණනක දුරක සිට තත්පරයකින් දුක සතුට බෙදාහදා ගනු නොඅනුමානය. තාක්ෂණය විසින්ම විනාශ කර දැමූ බැඳීමක වටිනාකම විශ්වය හරහා යළිඳු ළඟා කර ගන්නා බව නිසැකය.

විශ්වාස කිරීමට අපහසු බොහෝ දෑ අවිද්‍යාව යැයි නොසලකා හැරිය නොහැක. විශ්ව තරංගයකට දුර පමණක් නොව කාලයද බාධාවක් නොවන බව මෙය කියවන ඔබ වටහා ගන්නා බව මට විශ්වාසය. එනමුත් ..”

එපමණකි. මුද්‍රිත පිටපත නිමා විය. බරැති හුස්මකින් ළය සැහැල්ලු කරගත් පොලිස් පරීක්ෂක අන්තර්ජාලයට පිවිසීය. ටෙලිපති හා කාල තරණය ඔහු සෙවුම් යන්ත්‍රයට ඇතුළත් කලේය…

Penned By: Rtr. Dulmi Prabodha (Editorial Team Member)

Edited, translated and published by: RACSLIIT Editorial Team 2021-22

2 Comments Add yours

  1. Hallinna Vithana Arachchige Natasha Udani De Silva says:

    Actually a really good exposure . The bitter truth has written.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s