
පැලුනු තැන් ඇළ කණ්ඩියේ මට ඇහෙනවා ඉකි ගහන සද්දේ කැරකිච්ච යටි හුලං ඕසෙට ඇවිත් දූවිලි එක්ක පැද්දේ ඉපල් වෙන ගදපාන අකුලක පැටලිලා හිත එහා ලන්දේ නුබව තාමත් හොයනවා ඇති! හිත පතුල මේ තරම් යුද්දේ පිරුණ රතඹර – සියුම් සියොලග පිපුන සපුමල – වගේ දෑලේ පිරිමි හිත් කොච්චරක් රිදුනද නුබම මට පැවරුවම ආලේ රුචි අරුචි නොදැනිච්ච
“සර් අද මාර දුක හිතෙන දවසක්..” පාසලේ උදෑසන ප්‍රධාන රුස්වීමේදී එක් සොයුරෙක් මෙලෙස කියා සිටියේ එම රැස්වීමට දුක්මුසු බවක් එක් කරමිනි. මම ඔහු එසේ පැවසුවේ ඇයි දැයි දැන උන්නත් මගේ සිත එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවක් මට හැඟුණි. ඒ අපේ පාසලේ මුල් ගුරුතුමා වන විදුහල්පතිතුමන් විශ්‍රාම යන දිනය අදට යෙදී තිබීමයි. මුළු පරිසරයම මලානික ස්වාභාවයක්